සෙනෙහස අහිමි වූ දියණියකගේ අනුවේදනීය කථාව

දිලීප ජයකොඩි මහතා විසින් පරිවර්තනය කොට පෙරළා ඇති බිඳුණු බිලින්දා නම් කෘතිය ජෝඩි යන කුඩා දැරිවිය හා බැදුණු අනුවේදනීය කතාංගයකි.
2007 දී ප්‍රකාශයට පත්කරන ලද බිඳුණු බිලින්දා නම් පරිවර්තන කෘතියේ මුල් කෘතිය Damaged වේ. මෙම කෘතිය රචිත Cathy Glass නම් කතුවරිය දරුවන් සියයකට අධික ප්‍රමාණයක් රැකබලා ගත් කැපකරු මවකි. Fooster Parent නම් සංකල්පය එනම් කැපකරු මවක හෝ පියෙකු ලෙස කටයුතු කිරීම ශ්‍රී ලංකාව තුල ප්‍රචලිත නොවූවත් යුරෝපා රටවල් තුල මෙය වැඩි වශයෙන් ක්‍රියාත්මක වේ.
අසරණභාවයට පත්ව විවිධ කම්කටොළු වලට මුහුණ දෙන දරුවන් තාවකාලිකව රැකබලා ගැනීමට කැපකරු මවකට හෝ පියෙකුට භාරදීම Fooster Parent සංකල්පය තුල ක්‍රියාත්මක වේ. බිඳුණු බිලින්දා නම් පරිවර්තන කෘතියෙහි මුල් කතුවරිය වන Cathy Glass මේ සඳහා සියලු සුදුසුකම් සපුරා සිටීම විශේෂත්වයකි.අට හැවිරිදී ජෝඩි බ්‍රවුන් ඇගේ යටතට පැමිණි තවත් කුඩා දරුවෙකි.
ජෝඩි ඉතා ආක්‍රමණශීලී සහ දැඩි ගතිගුණ සහිත දරුවෙකි. ඇය ඉතා කලහකාරී වූ අතර ප්‍රකෝපකාරී ගති පැවතුම් වලින් හෙබි දරුවෙක් විය. මැය මාස හතරක කාලයක් තුල කැපකරු මාපිය පවුල් පහක් සමඟ කල් ගෙවීමට තරම් ආක්‍රමණශීලී දැරිවියක් වූ අතර අවසානයේදී ඇගේ විශ්වාසය දිනා ගැනීමට හැකි වුයේ Cathy Glass ට පමණි. මැයගේ ජීවිත කතාව ඇගේ මුවින් කැතීට පවසන්නේ එනිසාවෙනි. එම කතාංගය බිඳුණු බිලින්දා නම් කතාව වටා පදනම් වී ඇත.
ළදරු වියේ තමන්ට මුහුණ පෑමට සිදුවූ ශෝකාන්විත හද සසල කරවන කුඩා දැරියකගේ ජීවිත වෘතාන්තයක් මේ තුලින් ගෙනහැර දක්වයි. අට වසරක් පුරා මව් සෙනෙහසත්, පිය සෙනෙහසත් අහිමි වෙමින් තවත් වැඩිහිටි ගැහැණු,පිරිමි රැසක් විසින් ලිංගික අතවරයට ලක්වූ දැරියකගේ හදකම්පා කරවන සත්‍ය කතාවක් මේ තුළ අන්තර්ගත වේ.
376 Views
Comments