ජාත්‍යන්තර කාන්තා දිනය අදයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
08

ජාත්‍යන්තර කාන්තා දිනය අදයි

ජාත්‍යන්තර කාන්තා දිනය අදයි

ලොව පුරා මිලියන 39 කට අධික කාන්තාවන්, ආදරයෙන් සැමරෙනු ලබන ජාත්‍යන්තර කාන්තා දිනය අදයි.

 

එක්සත් ජාතීන්ගේ කාන්තාවෝ සංවිධානය ප්‍රකාශ කොට සිටින්නේ මෙවර කාන්තා දින සැමරුම "DigitALL" යන වැකිය යටතේ "ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සඳහා නවෝත්පාදන සහ තාක්ෂණය භාවිතාව" යන තේමාව මත පදනම් වී ඇති බවයි.

 

කාන්තා අයිතිවාසිකම් සඳහා වන ව්‍යාපාරයේ සුවිශේෂී සංධිස්ථානයක් වන ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් ඉතිහාසය 1909 වසර තරම් දුරාතීතයට දිවේ.

 

පසුව වර්ෂ 1910 දී ජාත්‍යන්තර කාන්තා සමුළුවේදී ඉදිරිපත් වූ යෝජනාවක් මත පදනම්ව, 1917 වසරේ සිට, රුසියානු කාන්තාවන්ට  පළමුවරට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව හිමි වූ මාර්තු 08 වන දිනය ජාත්‍යන්තර කාන්තා දිනය ලෙස නොනිල වශයෙන් ලොව පුරා සමරන ලදී.

 

1967 දී ස්ත්‍රීවාදී ව්‍යාපාර විසින් මෙම දිනය නිල වශයෙන් සම්මත කරන ලද අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් වර්ෂ 1977 සිට ජාත්‍යන්තර කාන්තා දිනය ප්‍රකාශයට පත් කරන ලදී.

 

එතැන් පටන්, සමහර රටවල රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණු ජාත්‍යන්තර කාන්තා දිනය, සමහර රටවල කාන්තාවන්ගේ විරෝධතා දිනයක් ලෙස ද, තවත් සමහර රටවල ස්ත්‍රීත්වය අගය කිරීමේ දිනයක් ලෙස ද සමරනු ලැබේ.

views

306 Views

Comments

arrow-up