සවිනි සමග ආයුබෝ කේක් පන්තිය - දෙවන කොටස

වර්තමානයේ කේක් කලාව තුළ විවිධ කේක් වර්ග රාශියක් දැක ගැනීමට අපට හැකියාව ලැබේ. මගේ පළමුවන ලිපියෙන් පැහැදිලි කළේ කේක් කලාවේ ඉතිහාසය පිළිබදවයි. එමෙන්ම මෙම දෙවන ලිපියෙන් මම ඔබට හඳුන්වා දෙනු ලබන්නේ කේක් කලාව තුළ තිබෙන විවිධ වූ කේක් වර්ග කිහිපයක් පිළිබඳවයි.
කේක් වර්ග රස අනුව සහ හැඩයන්ට අනුව විවිධ උත්සව අවස්ථා වලදී යොදාගනු ලබයි. ඉතින් ඔබ කේක් සෑදුවාට කේක් කලාව තුළ ඇති විවිධ වූ කේක් වර්ග පිළිබඳ දැන සිටියාද?
- Butter Cake
- Chocolate Cake
- Sponge Cake
- Fruit Cake
- Ribbon Cake
- Coffee Cake
- Red Velvet Cake
- Eggless Cake
- Christmas Cake
- Date Cake
ඉහත කේක් වර්ග දහය පිළිබඳ වෙනම සරල වශයෙන් හදුන්වන්නම්. ඉදිරියේදී මෙම සියලුම කේක් වර්ගයන්ට අදාලව වෙන වෙනම රෙසිපි වර්ග ලිපි පෙළක් තුළින් ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා.
Butter Cake
බටර් කේක් යනු කේක් කලාව තුළ තිබෙන ප්‍රාථමිකම අවධිය හෙවත් Basic Level එක කිව්වොත් මම නිවැරදියි. මේ සම්බන්ධ ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස බටර්, සීනි, බිත්තර සහ පිටි යොදා ගනු ලබයි.
Chocolate Cake
ඉහත සඳහන් බටර් කේක් වලට අප යොදා ගන්නා අමුද්‍රව්‍ය වලට අමතරව චොක්ලට් යොදාගනිමින් මෙම කේක් වර්ගය සාදා ගනියි. එනම් චොකලට් කුඩු, උණු කර ගත් චොක්ලට් කෑලි යන ඕනෑම වර්ගයක චොකලට් යොදා ගනිමින් මෙය සාදා ගත හැකිය.
Sponge Cake
මෙම ස්පොන්ච් කේක් විවිධ ආකාරයට සාදා ගත හැක. මේ සඳහා වෙන් වූ විවිධ රෙසිපි වර්ග ඇති අතර සරලව කිවහොත් ස්පොන්ච් කේක් යනු පුලුන් ලෙස ඉතා මෘදු ආකාරයට බේකින් පවුඩර්, පිටි සහ සීනි යොදාගෙන බිත්තර සුදු මද වෙන වෙනම ගසාගනිමින් සාදා ගනු ලබන කේක් වර්ගයකි.
Fruit Cake
කැන්ඩිඩ් හෝ වියළි පළතුරු සහ විවිධ ඇටවර්ග යොදා ගැනීමෙන් මෙම පළතුරු කේක් සාදා ගනු ලබන අතර වැඩි වශයෙන් නත්තල් උත්සව අවස්ථාව අරමුණු කරගනිමින් සාදා ගනු ලබයි.
Ribbon Cake
මෙම කේක් වර්ණ දෙකක් හෝ කිහිපයක් යොදාගනිමින්ද තට්ටු කිහිපයක් එකතු කර ගනිමින්ද සාදාගනු ලබයි.
එම තට්ටු රසවත් කරගැනීම සඳහා සමහරුන් විවිධ එසන්ස් වර්ගද භාවිතා කරයි.
Coffee Cake
කෝපි රසය එකතු කරමින් මෙම කේක් වර්ගය සකස් කර ගන්නා අතර බොහෝ විට මේ සඳහා instant coffee යොදා ගනී.
Red Velvet Cake
Red Velvet Cake සාදා ගැනීමේදී ප්‍රධාන ලෙස යොදාගනු ලබන්නේ බටර්, ක්‍රීම් චීස් සහ සුදු විනාකිරි යන අමුද්‍රව්‍යයන්ය.
රතු වර්ණය සහ දුඹුරු වර්ණය යොදා ගැනීම මෙහි විශේෂත්වයයි.
Eggless Cake
බිත්තර භාවිත නොකර මෙම කේක්සාදා ගනු ලබයි. බිත්තර රසයට සමහරුන් ප්‍රිය නොකරන අතර ඔවුන් අතර මෙම Eggless Cake ජනප්‍රිය වේ.
මේ සඳහා මිල්ක්මේඩ් ද බොහෝවිට යොදාගනු ලබයි.
Christmas Cake
මෙම කේක් වර්ගය නත්තල අරමුණු කරගනිමින් සාදා ගනු ලබයි. විවිධ සැරසිලි යොදා ගනිමින්ද විවිධ වූ රෙසපි වර්ගයන්ට අනුව අමුද්‍රව්‍ය යොදා ගනිමින් ද සාදා ගනු ලබන රසවත් කේක් වර්ගයකි.
Date Cake
මෙම කේක් බොහෝ විට තද දුඹුරු පැහැයෙන් යුක්තව සාදා ගන්නා අතර මේ සඳහා රටඉඳි සහ walnuts යොදාගනු ලබයි.
කේක් පිලිබඳ යම් කිසි දැනුමක් හෝ මෙම ලිපිය තුළින් ඔබ ලැබූ බවට මම විශ්වාස කරමි. තවත් අලුත් ලිපියකින් ඉක්මනින් මුණගැසෙමු.
ඔබ සැමට ආයුබෝ!!
මම
කේක් නිර්මාණ ශිල්පිනී,
සවිනි පෙරේරා
894 Views
Comments