මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදයි

ශ්‍රී ලාංකීය අපට මෙන්ම ලෝකවාසී බෞද්ධයන්ට ද ඉතා වැදගත් ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදයි.
සිද්ධාර්ථ කුමාරයා අභිනිෂ්ක්‍රමණය කිරීමෙන් අවුරුද්දකට පසු බුදුරජාණන් වහන්සේ සිය පියාණන් වන සුද්ධෝදන රජු ප්‍රමුඛ ශාක්‍යවංශික ඥාතීන් දැකීමට, විසි දහසක් සංඝයා වහන්සේ පිරිවරා ගෙන කිඹුල්වත්පුරයට වැඩම කළේ මැදින් පුර පොහොය දිනයකයි.
අභිමානවත් ශාක්‍යයන්ගේ මානය දුරුකිරීම සඳහා බුදුරජාණන් වහන්සේ යමා මහ පෙළහර පෑවේ එම ගමනේදීය.
යශෝධරා දේවිය උදෙසා චන්දකින්නර ජාතකය දේශනා කිරීමත්, රාහුල කුමාරයා සහ නන්ද කුමාරයා පැවිදි කරවීමත් මැදින් පුර පසළොස්වක පොහෝ දින සිදු වූ වැදගත් සිදුවීම් ය.
526 Views
Comments