වෛරයන් මැද ඉතිරි වූ ප්‍රේමය
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
05

වෛරයන් මැද ඉතිරි වූ ප්‍රේමය

වෛරයන් මැද ඉතිරි වූ ප්‍රේමය

The Princess' Man යනු 2011 වසරේ විකාශනය වුනු දකුණු කොරියානු රූපවාහිනී කතාමාලාවක් වන අතර, එහි රංගනයේ යෙදෙන්නේ Park Si Hoo, Moon Chae Won, Kim Yeong Hoo, Hong Soo Hyun සහ Lee Soon Jae ය. එය KBS2 හි 2011 වසරේ දී කථාංග 24 කින් යුක්තව විකාශනය විය.


එය Su Yang කුමරුගේ දියණිය සහ ඔහුගේ දේශපාලන විරුද්ධවාදියා වන Kim Jong Seo ගේ පුත්‍රයා අතර ප්‍රේම සම්බන්ධය පිළිබඳ නිර්මාණය වූ නාට්‍යයකි. 1453 දී Su Yang කුමරු Kim Jong Seo මරා අවසානයේ ජොසොන් රාජවංශයේ 7 වැනි රජු බවට පත් විය.


Kim Seung Yoo (Park Si Hoo) යනු Kim Jong Seo ගේ බාල පුත්‍රයායි. ඔහු දක්ෂ, හොඳ පෙනුමක් ඇතු රටේ බලවත්ම පවුලක පුතෙකි. Kim Seung Yoo, රජුගේ දියණිය වන Kyung Hye (Hong Soo Hyun) කුමරියගේ ගුරුවරයා බවට පත් වේ. Lee Se Ryung (Moon Chae Won) යනු Su Yang කුමරුගේ වැඩිමහල් දියණියයි.


Kim Seung Yoo හා තමා අතර විවාහ යෝජනාවක් ගැන කතා ඇයට ඇසෙන අතර ඇගේ අනාගත සැමියා ගැන කුතුහලයක් ඇති වේ. Se Ryung, Kyun Hye කුමරිය ලෙස පෙනී සිට ඇය වෙනුවට පන්තියට සහභාගී වේ. එය Se-Ryung සහ Kyung-Hye කුමරිය අතර රහසකි.


Se Ryung හා Seung Yoo ගේ පළමු හමුවීම හොඳ අත්දැකීමක් නොවේ. Se Ryung පැදගෙන යන අශ්වයෙකුගේ පාලනය අහිමි වන අයුරු Seung Yoo අහම්බෙන් දකියි. අශ්වයා කඳුබෑවුමක කෙළවරට දිව යයි. අනතුරක් සිදුවීමට පෙර SeungYoo විසින් Se Ryung බේරා ගනී. මේ සිදුවීම නිසා Seung Yoo සහ Se Ryung සමීප වේ.


මේ අතර රජුගේ සොහොයුරා වන Su Yang ගෙන් Kyung Hye කුමරිය සහ Dan Jong කුමරු ආරක්ෂා කිරීම සඳහා, Moon Jong රජු Kyung Hye සහ Seung Yoo කුමරියට විවාහ විය හැකිද යන්න Kim Kong Seo ගෙන් අසයි. Kim Jong Seo එම විවාහ යෝජනාව පිළිගන්නා අතර, Se Ryung ගේ යෝජනාව ඉවත දමයි. යෝජිත විවාහය ගැන නොදැන Seung Yoo සහ Se Ryung තවත් සමීප වේ.


විවාහ යෝජනාව ප්‍රතික්ෂේප කරපු නිසා Su Yang විසින් Seung Yoo ඇතුලු පවුල ඝාතනය කිරීමට ඝාතකයන් යවයි. ඉතිරිය දැනගැනීමට නම් කතාව නැරඹිය යුතුමය.

views

278 Views

Comments

arrow-up