චණ්ඩි අයියගෙ චණ්ඩි නැගණිය
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
01

චණ්ඩි අයියගෙ චණ්ඩි නැගණිය

චණ්ඩි අයියගෙ චණ්ඩි නැගණිය


උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් අන්ගේ බාල සොහොයුරිය වන Kim Yo-jong, ඔහුට සමීප සහ ප්‍රබල පක්ෂපාතීත්වයක් දක්වන එකම සහෝදර සාමාජිකයා ලෙස සැලකෙයි.


කිම් යෝ-ජොන්ග් පළමු වරට ජාත්‍යන්තර අවධානය දිනා ගත්තේ 2018 වසරේදීය. ඒ අසල්වැසි දකුණු කොරියාවට පා තැබූ කිම් පරම්පරාවේ පළමු සාමාජිකයා බවට පත්වීමත් සමගය. ඇය, උතුරු කොරියාව සහ දකුණු කොරියාව එක්ව තරග කළ ශීත ඔලිම්පික් උළෙලට සහභාගි වූ නියෝජිතයන් අතරට ද එක් විය.


ඉන් අනතුරුව ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික මාවතක් ප්‍රදර්ශනය කළ සිය සොහොයුරා සමග කිම් යෝ-ජොන්ග් කටයුතු කරනු දක්නට ලැබිණි. දකුණු කොරියාවේ ජනාධිපති මූන් ජේ-ඉන්, චීන ජනාධිපති ෂී ජින්පින් සහ වඩාත්ම වැදගත් ලෙස ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමු වූ අවස්ථාවල ඇය සිය සොහොයුරා සමග විය.


යළි 2020 වසරේ අප්‍රේල් මස කිම් ජොන්ග් අන් අසාමාන්‍ය ලෙස මහජන උත්සව වැනි අවස්ථාවල දක්නට නොලැබුණු අවස්ථාවේ ඇය කෙරෙහි නැවත වරක් අවධානය යොමු විය.


නායක කිම් අප්‍රේල් මස දක්නට නොලැබීමත් සමග ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රශ්න මතු විය. ඔහුගේ අනුප්‍රාප්තිකයා විය හැකි ප්‍රබලයන් අතර ඇයගේ නම ඉහළින් කියවිණි.


කිම් යෝ-ජොන්ග්ගේ භූමිකාව පළමුව එකවරම ඉහළට පැමිණියේ 2017 වසරේ ඔක්තෝම්බර් මස ඇය දේශපාලන මණ්ඩලයට උසස් කිරීමත් සමගය. ඊට පෙරාතුව ඇය, ප්‍රචාරක කටයුතු සහ උද්ඝෝෂණ සම්බන්ධයෙන් කටයුතු කරන දෙපාර්තමේන්තුවේ උප අධ්‍යක්ෂ ධුරයේ කටයුතු කළාය. රට වැසියන් අතර සිය සහෝදරයාගේ ප්‍රතිරූපය පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් ක්‍රියා කරන එම තනතුරේ ඇය තවමත් සිටින බව විශ්වාස කෙරේ.


උතුරු කොරියාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට සම්බන්ධ බවට වන චෝදනා හේතුවෙන් කිම් යෝ-ජොන්ග්ගේ නම එක්සත් ජනපදයේ සම්බාධක ලැයිස්තුවට ඇතුළත් වේ. එබැවින් ඇය සමග ඕනෑම ආකාරයක ගනුදෙනුවක් කිරීම එක්සත් ජනපද පුරවැසියන්ට තහනම්ය. එක්සත් ජනපදයේ තිබෙන ඕනෑම දේපලක් හෝ වත්කමක් රජය භාරයට ගත හැක.

views

366 Views

Comments

arrow-up