නපුරු ආත්මයක් ආරූඪ වුණු ප්‍රතිමාව

MONSTROUS (2022)
THRILLER | MYSTERY | SUPERNATURAL
IMdB 6.6
2022 අප්‍රේල් මාසයේ 29 වෙනිදා තමා මේ කතාංගය විකාශය වෙන්නේ. මේ කතා මාලාව කොටස් 6 කින් සමන්විතයි.
කතාව පැත්තට හැරෙනවා නම් ජුන් කි හුන් පුරාවිද්‍යාඥයෙක් විදියට වැඩ කරන කෙනෙක්. ඔහු අමුතු අද්භූත සංසිද්ධියක් ගැන හොයනකොට අනපේක්ෂිත සිද්ධියක් ඔහුගේ ජීවිතය වෙනස් කරන්න හේතු වෙනවා.
ඔහු දැන් “මාසික අභිරහස” සඟරාවේ වැඩ කරන ගමන් යු ටියුබ් නාලිකාවක් කරගෙන යනවා. ඔහුගේ හිටපු බිරිඳ ලී සූ ජින් නිසා ඔහු “ග්විබුල්” (නපුරු ආත්මයක් ආරූඪ වුන බෞද්ධ ප්‍රතිමාවක්) පර්යේෂණ කරන්න ජින්යං පලාතට යනවා.
එහේදි ඔහුට හිතාගන්නවත් බැරි තරම් විකාර සහ භයානක දෙවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ලී සූ ජින් කියන්නේ පුරාවිද්‍යාඥයෙක් විදියට අකුරු සහ සංකේත විකේතනය කරන්න පුළුවන් කෙනෙක්. ඇය ඇගේ රැකියාවට ගොඩක් දක්ෂයි. ඇගේ දරුවා මිය ගිය නිසා ඇය ජින්යං වල හැන්ගිලා ජිවත් වෙනවා.
ඒත් මේ ජින්යං වල වෙන සිද්ධි නිසා ඇයටත් අද්භූත දෙවල් වලට මුණ දෙන්න සිද්ධ වෙනවා.
565 Views
Comments