මිනිස් ආත්මයක් ලැබීමට දවසක් තිබියදී සිදු වූ දෙය

Cast
Ok Taec Yeon
Won Ji An
Park Kang Hyun
Yoon So Hee
සොන් වු හ්යොල් (Ok Taec Yeon) කියන්නේ මනුස්සයෙක් වෙන්න කැමැත්තෙන් ඉන්න වැම්පයර් කෙනෙක්. ඉතින් ඒක කරන්න නම් ඔහුට අවුරුදු 100 එක දිගට මිනීපෙට්ටියක නිදාගන්න වෙනවා.
ඔහු නිදාගෙන ඉන්න අතරේ අවුරුදු 100 සම්පූර්ණ වෙන්න දවසක් තියෙනකොට මේ මිනීපෙට්ටිය කෙල්ලෙක් අරිනවා. ඉතින් ඒ කෙල්ල තමයි ජු ඉන්-හේ (Won Ji An).
ජු ඉන්-හේ කියන්නේ සොන් වු හ්යොල්ගේ මන්දිරේ බලාගත්ත අයගෙන් පැවත එන්නෙක්. ඉතින් ඇයට යන්න එන්න තැනක් නැති වෙලාවේ වාසනාවට වගේ ඇයට තමන්ගේ තාත්තාගෙන් උරුම වුණු මේ පරණ මන්දිරේ හම්බවෙනවා. ඉතින් ඒ මන්දිරේට යන ඇය තමයි වැම්පයර් සොන් වු හ්යොල්ව දවස් 100 සම්පූර්ණ වෙන්නත් කලින් ඇහැරවන්නේ.
590 Views
Comments