අභිරහස් හඬවල් පවසන්නේ කුමක්ද?

මේ කතාව 2020 මාර්තු 20 වෙනිදා Netflix විසින් මුදා හැරුණා. පළවෙනි කතා සමයේ තියෙන්නේ episode 6 යි. මේක coming-of-age (පැරණි/ඉතිහාස) ක්‍රියාදාම කතාවක්. මේක හදන්න පාදක වෙච්ච කතාව තමයි සම්භාව්‍ය ඕලන්ද නව කතාවක් වෙන De brief voor de Koning කියන නවකතාව. ඒක රචනා කරලා තියෙන්නේ Tonke Dragt විසින්.
මේකෙ තිර පිටපත හදලා තියෙන්නේ Will Davies වන අතර අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Alex Holmes සහ Felix Thompson විසින්. මේකේ රූගත කිරීම් කරලා තියෙන්නේ Lord of The Rings සහ Hobbit කතා මාලාවන් රූ ගත කරපු නවසීලන්තයේ.
මේ කතාව ටිකක් දුරට මර්ලින් කතාව වගේ කියලා කියන්නත් පුළුවන්. මේ කතාව රාජධානි අතර සිද්ද වෙන සිදුවීම් වලින් නිර්මාණය වුණු කතාවක්.
ටියුරි කියලා එක කොල්ලෙක් ඉන්නවා. මෙයා ඉන්නේ ඩඇග්නොට් කියන රාජධානියේ කුඩා ප්‍රදේශයක. මෙයාගේ පියා නැහැ. ඉන්නේ හදා ගත්තු පියා. එයා තමයි සර් ටියුරි.
මේ තරුණ ටියුරි සහ මෙයාගේ අම්මා එව්ලින් ව සටනකින් බේර ගන්නවා මේ සර් ටියුරින් කියන කෙනා. පස්සේ එයා මේ එව්ලින් කියන කාන්තාව බැඳලා මේ තරුණ කොල්ලට තමන්ගේ නම දීලා එයාවත් හදා ගන්න ගන්නවා.
ඒත් මේ සර් ටියුරිට හිතට වද දෙන කාරණයක් තියනවා. ඒ මේ කොල්ලා හරියට සටන් කරන්න බැරි හීන් දෑරි කොල්ලෙක් වීම. එයා කියනවා තමන්ගේ පුතා උනන්දුයි. ඒ වගේම දක්ෂයි බුද්ධිමත් කියලා. නමුත් අර කාරණය නිසා ඔහු තමන්ගේ පුතා ගැන කලකිරිලා තමයි ඉන්නේ.
ඒ වගේම මේ තරුණ ටියුරිට එක එක කට හඬවල් පවා ඇහෙනවා. මේ තරුණ ටියුරි යනවා නොවිස් නයිට්වරුන්ගේ තරඟයකට මුහුණ දෙන්න. ඔන්න ඔතනින් තමයි අපේ කතාව පටන් ගන්නේ.
451 Views
Comments