අද (15) දකුණු කොරියාවේ නිදහස් දිනයයි.
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
15

අද (15) දකුණු කොරියාවේ නිදහස් දිනයයි.

අද (15) දකුණු කොරියාවේ නිදහස් දිනයයි.

ජාතික නිදහස් දිනය යනු දකුණු සහ උතුරු කොරියානු දෙරට විසින්ම සමරනු ලබන නිවාඩු දිනයකි. ජපානයෙහි අධිරාජ්‍යවාදී පාලනයෙන් කොරියාව නිදහස ලැබීම මෙදින සමරනු ලබයි. 1945 අගෝස්තු 15 දින ජපානය කොන්දේසි විරහිතව ඒකාබද්ධ හමුදාවන්ට යටත් වීමත් සමඟ කොරියානුවන් දිගු කලක් පුරා සිහින දුටු විමුක්තිය උදාවිය.


1910 දී අධිරාජ්‍යවාදී ජපානය විසින් කොරියාව (එවක චෝසන් අධිරාජ්‍ය වශයෙන් හැඳින්වූ) බලහත්කාරයෙන් තම රටට ඈඳා ගැනීමත් සමඟ කොරියාව ජපානයේ යටත් විජිතයක් බවට පත් විය.


දේශප්‍රේමී කොරියානුවෝ එතැන් සිට රට තුල මෙන්ම වෙනත් රටවල ද සිට දිවිහිමියෙන් තම නිදහස වෙනුවෙන් කැපවූහ. සටන් කළහ. ඒ නිසාම වධ බන්ධනයන්ට හා සිරගත කිරීම් වලට ලක්වූහ. දිවි පිදූහ. එම කැපකිරීම් වල අවසන් ප්‍රථිපලය වූයේ 1945 අගෝස්තු 15 දින කොරියාව යටත්විජිතකරණයෙන් නිදහස් වීමයි.


මෙම දිනයේ විශේෂත්වයක් වනුයේ දකුණු සහ උතුරු කොරියාව යන දෙරට විසින්ම සමරන එකම පොදු නිවාඩු දිනය මෙය වීමයි. දකුණු කොරියාවේ මෙම දිනය 광복절 (Gwangbokjeol) නමින් හැඳින්වෙන අතර උතුරු කොරියානුවෝ මෙය 조국해방의 날 (Jogukhaebangui nal) නමින් හඳුන්වති. 광복절 යන්නෙහි වාච්‍ය අර්ථය වනුයේ "ආලෝකය යළි පැමිණි දිනය - the day the light returned" යන්නයි. යන්නෙන් 'ආලෝකය' ද යන්නෙන් 'ප්‍රතිස්ථාපනය/ නැවත පැමිණීම' ද යන්නෙන් 'නිවාඩුව' ද අරුත් ගැන්වේ.

views

517 Views

Comments

arrow-up