මහ රෑ හමුවූ අභිරහස් රූමත් තරුණිය

Criminal justice 2019 කියන TV Series එක BBC සමාගම යටතේ විකාශනය වූ, පීටර් මොෆට් විසින් රචිත Criminal Justice 2008 TV Series එක පදනම් කරගත් ඉන්දියානු කතා මාලාවකි. මෙය අනුවර්තනය කරන ලද්දේ ශ්‍රීධර් රාගවන් විසින්.
2019 අප්‍රේල් 5 වන දින Hotstar සමාගම යටතේ මෙය විකාශනය ආරම්භ කරන ලදි. මෙය හින්දි, මරාටි, බෙන්ගාලි, තෙළිඟු, දෙමළ, මලයාලම්, කන්නඩ කියලා භාෂා ගාණකින්ම නිකුත්වෙලා තියෙනවා.
මේ TV Series එක අධ්‍යක්ෂණය Tigmanshu Dhulia ගෙන් සිදුවී ඇත. රංගනයෙන් Vikrant Massey, Pankaj Tripathi, Jackie Shroff, Madhurima Roy, Anupriya Goenka, Rucha Inamdar යන නළු නිළියන් ප්‍රධාන චරිත නිරූපණය සඳහා දායක වෙනවා.
කතාව පැත්තට ගියොත් ආදිත්‍ය ෂර්මා කියන්නෙ ව්‍යාපාර පරිපාලනවේදී පශ්චාත් උපාධිය ගැනීමට සිටින අමතර දෙයක් විදියට පාපන්දු සෙල්ලම් කරන සෙල්ලක්කාර තරුණයෙක්. මොහුගේ අක්කාට කැබ් රථයක් තිබෙන අතර මොහු අමතර රැකියාවක් ලෙස මේ කැබ් රථයද හයර් කරනවා.
දිනක් පාපන්දු තරඟයක් දිනා එහි සතුට භුක්ති විඳීමට පාටියක් සැලසුම් කර තිබෙන අතර මොහුගේ නිවසේද අක්කාගේ විවාහ සංවත්සර උත්සවයක් පවතිනවා. ආදිත්‍ය යාළුවන් සමඟ පාටියට යෑමට සිටියත් ගෙදර උත්සවය නිසා අක්කාගේ පෙරැත්ත කිරීම මත ඔහුට මේ දිනයේත් කැබ් රථය හයර් කිරීමට සිදු වෙනවා.
උදේ කාලයේ කැබ් එක හයර් කොට අවසානයේ හයර් කිරීමට තිබූ හයර් එකත් අවලංගු කරලා පාටියට යෑම සඳහා සැරසෙනවා. ඒත් අතරමගදී කලින් හයර් කිරීමට තිබූ කාන්තාව කැබ් එකට ගොඩ වෙනවා.
මින් පසු ආදිත්‍ය සහ මේ යුවතිය අතර සිදු වන්නේ කුමක්ද?
465 Views
Comments