පානදුරාවාදයට වසර 150 යි.
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
21

පානදුරාවාදයට වසර 150 යි.

පානදුරාවාදයට වසර 150 යි.

මොහොට්ටි වත්තේ ගුණානන්ද හිමියන් වැනි බෞද්ධ පුත්‍රයින් ලක්බිම පහළ නොවුනා නම්, අද වන විට බුදුදහම මේ බිමේ නොමැති වීමට ඉඩ තිබු බව ශ්‍රි අමරපුර සම්බුද්ධ ශාසනෝදය සංඝ ස‍භාවේ මහානායක ධුරන්දර ආචාර්ය වස්කඩුවේ මහින්දවංස නාහිමියෝ පවසති.


උන් වහන්සේ මේ බව පැවසුවේ, පානදුරාවාදයට වසර 150 ක් සපිරීම නිමිත්තෙන් අද (21) දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී මාධ්‍ය හමුවට එක් වෙමිණි.


1873 වසරේ දි පැවැති පානදුරාවදායට මේ වසර වන විට වසර 150 ක් සපිරේ. ඊට සමගාමිව අගොස්තු මස 26 දින සිට ලබන වසර (2024) පුරාවට ම විවිධ වැඩසටහන් රාශියක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.


අගොස්තු මස 26 වන දින පානදුර නගර මධ්‍යයේ ගුණානන්ද හිමියන්ගේ පිළිරුවට පුෂ්පෝහාර සිදු කිරිමෙන් ඇරඹෙන මෙම වැඩසටහන, එම ස්ථානයේ සිට වාදය පැවැත්වෙන ස්ථානය දක්වා පෙරහැරකින් ගමන් කරන අතර සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවය ආරම්භ වේ.


තැපැල් දෙපාර්තමේන්තුව මඟින් සැමරැම් මුද්දයක් ද නිකුත් කිරීමට නියමිත ය. එසේම මෙම ‍ඵෙතිහාසික භූමිය සංස්කෘතික දේපලක් ලෙස ප්‍රකාශයට පත් කිරීම ද අමාත්‍යවරයා අතින් සිදු වේ.

views

381 Views

Comments

arrow-up