පළිගැනීමට කළ ශාපය නිසා සිදු වූ ඛේදවාචකය

Netflix ඔස්සෙ නිකුත් වුණ මිනි සීරිස් එකක් වෙන මේක 90 දශකයේ මුල් භාගයේ හොලිවුඩයට යන චිත්‍රපට නිෂ්පාදකයෙකු වන ලීසා නෝවා වටා ගෙතුණු කතාවක්.
එයා එයාගේ කෙටි චිත්‍රපටිය විකිනිමට ලූ බර්ක් වෙත පැමිණෙනවා. කොහොම හරි ඇයට අවශ්‍ය වන්නේ එම චිත්‍රපටිය ලූ බර්ක් හට දී ඇය විසින් අධ්‍යක්ෂණය කරන්න.
නමුත් ලූ බර්ක් ලීසා නෝවාට අනවශ්‍ය දේ සිදු කිරීමත් එක්ක ලීසා නෝවා ඒ දේවල් ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා ලීසා නෝවගෙන් ඒ චිත්‍රපටිය උදුරා ගන්නා ලූ බර්ක් වෙන කෙනෙක්ට අධ්‍යක්ෂණය කිරිමට දෙනවා.
ඒකෙන් කෝපයට පත්වෙන ලීසා එහි සිටින මායාකාරියක් වන බොරෝ වෙතට ගොස් ලූ බර්ක් හට ශාපයක් සිදු කරනවා. එයින් ලූ බර්ක්ට මෙන්ම ලීසා නෝවාටද බොහො අත්භූත සිදු වීම් වලට මුහුණ දීමට සිදු වෙනවා.
ඒ වගේම ඒ අත්භූත සිද්දි නිසා ලීසාගේ යාලුවන්ට වගේම ලූ බර්ගේ පුතාටද මැරෙන්න සිද්ධ වෙනවා. කොහොමහරි ලීසා දැනගන්නවා බෝරෝ කියන්නේ පරණ මයාකාරියෙක්, එයා තමා මේ හැමදේම කරලා තියෙන්නෙ, එයා තමන් සිටින ශරීරය කාලෙන් කාලෙට වෙනස් කරගන්නවා, ඊලගට පනින්න හදන්නෙ තමන්ගේ ශරීරයට කියලා.
“ඉතින් ලීසා නෝවා කොහොම මේ මායාකාරියව නවත්තයිද..?”
“නැත්තං ලීසාගේ ඇඟ ඇතුලට මේ බෝරො කියන මායාකාරි ඇතුල් වෙයිද…?”
“ලීසා නෝවට සහ ලූ බර්ක්ට මේ ශාපය නිසා මොන මොන අත්භූත සිදුවීම් සිද්ධ වෙයිද…?”
“ලීසාට එයාගේ එක යාලුවෙක් හරි බේරගන්න පුලුවන් වෙයිද..?
“ඇත්තටම බෝරො විදියට ඒ ශරිරයේ ඉන්නේ කව්ද….?”
474 Views
Comments