අසූව දශකයේ ප්‍රේමාන්දරය - අභිමාන්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
19

අසූව දශකයේ ප්‍රේමාන්දරය - අභිමාන්

අසූව දශකයේ ප්‍රේමාන්දරය - අභිමාන්

‘අභිමාන්’ හින්දි චිත්‍රපටය 1973 ජූලි 27 වැනිදා තිරගත විය. රිෂිකේශ් මුඛර්ජි අධ්‍යක්ෂණය කළ එම චිත්‍රපටයේ තිර පිටපත රචනා කිරීම සඳහා රාජින්දර් සිං, බිරේෂ් චැටර්ජි, නබෙන්ඳු ගෝෂ්, රිෂිකේෂ් මුඛර්ජි, මොහාන් සිප්පි සහ බිරෙන් ත්‍රිපති යන රචකයන් දායක විය.


මෙම චිත්‍රපටයේ කතාව පිළිබඳ ව ප්‍රසිද්ධ මත දෙකක් තිබෙනවා. ඉන් එක් මතයක් වන්නේ ප්‍රසිද්ධ සිතාර් වාදකයෙක් වන රවි ශංකර් සහ ඔහුගේ බිරිය වන අන්නාපූර්ණ දේවිගේ ජීවිත කතාව මෙම චිත්‍රපටයෙන් නිරූපණය වන බව යි.


අනිත් මතය වන්නේ ජනප්‍රිය ගායකයෙක් වන කිෂෝර් කුමාර් සහ ඔහුගේ පළමු බිරිය ගුහා ඨාකූර්ගේ ජීවිත කතාව මෙමඟින් නිරූපණය වන බව යි. ‘අභිමාන්’ චිත්‍රපටය සඳහා අමිතාබ් බච්චන්, ජයා බහදූරි, ගෝවර්ධන් අස්රානි, ඩේවිඩ් ඒබ්‍රහම්, බින්දු දේසායි වැනි නළු නිළියන් රංගනයෙන් දායකත්වය ලබා දී ඇත.


මෙම චිත්‍රපටයේ එන ප්‍රධාන චරිතයක් වන සුබීර් කුමාර් ප්‍රසිද්ධ ගායකයෙකි. ඔහු විවාහ වීමට අකමැත්තෙන් සිටිය දී සංගීතයට දක්ෂ උමා නම් ගැමි තරුණිය හමු වේ. ඉන් අනතුරු ව ඔවුන් දෙදෙනා අතර ආදර සම්බන්ධයක් ඇති වේ. එම ආදර සබඳතාව අවසානයේ විවාහයකින් කෙළවර වේ. විවාහ දිවියට ඇතුළත් වීමෙන් පසුව උමාගේ ගායන හැකියාව වැඩි දියුණු කර ගැනීමට සුබීර්ගේ සහාය ලැබේ.


උමා ගායිකාවක් ලෙස ජනප්‍රිය වෙද්දී, සුබීර්ගේ ජනප්‍රියත්වය ක්‍රමයෙන් පහළ යයි. ඉන් පසුව සුබීර් සිය බිරියට ඊර්ෂ්‍යා කරන්නට පටන් ගනී. ටික කාලයක් ගතවෙද්දී ඔවුන් දෙදෙනාගේ විවාහ දිවිය ද දෙදරා යයි. අවසානයේ සංගීතය නිසා ඔවුන් දෙදෙනාට යළි එකතු වීමට හැකි වේ.

views

357 Views

Comments

arrow-up