අග්‍රාණ්ඩුකාරවරයා හා රොඩී කෙල්ලක් අතර අසම්මත ප්‍රේම කතාව

මාගම් සෝලිය, ආදරණීය වික්ටෝරියා, රැජන, අයි ඩී ආදී නවකතා ලියා ඇති මොහාන් රාජ් මඩවලගේ දෙවැනි නවකතාව ලොවීනා හෙවත් ආදරණීය වික්ටෝරියා යි. එය 2014 දී පළ විය.
“ලොවීනා” කතාවට මූලාශ්‍ර වී ඇත්තේ ඓතිහාසික කතා ප්‍රවෘත්තියක්. ඉංග්‍රීසි ආණ්ඩු සමයේ බ්‍රිතාන්‍ය අණ්ඩුකාරයෙක් සහ රොඩී කෙල්ලක් අතර දිග හැරෙන ප්‍රේමය මේ කතාවෙන් නිරූපණය වේ. තෝමස් මේට්ලන්ඩ් අග්‍රාණ්ඩුකාරයා හා ලොවීනා අතර අසම්මත ප්‍රේමය ජනප්‍රවාදයක් ලෙසත් ප්‍රකට යි.
මොහාන්ගේ මෙම නවකතාවේ සිත්ගන්නාසුලු ලෙස නිරූපණය කරනුයේ ශ්‍රී ලංකාවේ එදා පැවැති කුල පීඩනය යි. පුන්නා නම් රූමත් ගොවි කුල කාන්තාව ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමාගේ අන්තඃපුර කාන්තාවක ලෙස තෝරා ගනී.
ඒ අතර දස්කොන් අදිකාරම් සමඟ ඇති වූ අනියම් සම්බන්ධතාවක් නිසා පුන්නා ගැබිනියක බවට පත් ව රජුගේ උදහසට ලක් වේ. එහි ප්‍රතිඵලයක් ලෙස සිය පවුලේ අය ද සමඟ ඇය උඩුගල්පිටිය රොඩී කුප්පායමට පිටුවහල් කෙරේ.
එහෙත් මාපියන්ගේ මිය යාම නිසා පිටුවහල් කිරීමට ඉතිරි ව සිටියේ පුන්නා පමණ යි. රජ මාලිගයෙන් පන්නා දමන පුන්නා රොඩී කුප්පායම තෙක් පා – ගමනින් යයි. අතරමඟදීත් ඇයට කුලවත් මිනිසුන්ගේ පීඩාවන්ට මුහුණ දීමට සිදුවේ.
බයියා නම් මහලු රොඩියාට පාවා දුන් ඇය කාලයාගේ ඇවෑමෙන් රොඩී රැහේ බලගතු ම වැඩිහිටි ගැහැනිය බවට පත්වූවාය. ඇගේ මිණිබිරියක වූ පිංචි, අපොන්සුවා නම් රජුගේ පරංගි සෙබළා සමඟ පැවැත්වූ රහස් සම්බන්ධතාවේ ප්‍රතිඵලයක් වශයෙන් ලොවීනා නම් දැරිය බිහිවූවාය.
කුලීන ජනයාගේ උදහසට ලක් වීම නිසා උඩුගල්පිටිය කුප්පායමෙන් ඔවුන්ට පලා යාමට සිදුවූ අතර අන්තිමේ දී ඔවුන් ගොස් නතර වූයේ ගල්කිස්ස මුහුද අද්දර යි. මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා සහ ලොවීනා (පසුව ලැවීනියා) අතර අනියම් ආදර අන්දරය ගොඩනැඟුණේ එහිදී යි.
580 Views
Comments