මරණයේ සැලසුමට එරෙහිව යාම
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
19

මරණයේ සැලසුමට එරෙහිව යාම

මරණයේ සැලසුමට එරෙහිව යාම

අධිවේගී මාර්ගයක ගමන් කරන ට්‍රක් රථයක් නිසා සිදු වන බිහිසුණු අනතුරක් ඉතා තාත්ත්වික අන්දමින් ප්‍රේක්ෂකයා හමුවට ගෙන ඒමට Final Destination හි නිර්මාණකරුවන් සමත් විය. එය අදටත් අධි අස්වාභාවිකත්වය සමඟ කැටි ව එන ත්‍රාසජනක කාණ්ඩයේ චිත්‍රපට නැරඹීමට ආසා කරන බොහෝ දෙනකුගේ මතකයේ තිබෙන දර්ශනයකි.


Final Destination යනු ත්‍රාසය නවමු මානයකින් ප්‍රේක්ෂකයා හමුවට ගෙන ආ චිත්‍රපට මාලාවකි. එහි බිය කැඳවා ගෙන එන භීෂකයා වන්නේ සොබාදහම යි.


චිත්‍රපට මාලාවෙන් දිග හැරෙන කතාවේ හරයට අනුව මරණයට සැලසුමක් තිබේ. මිනිසෙක් මරණයට පත් වන මොහොත සහ මරණයට පත් විය යුතු ආකාරය එම සැලසුමේ අඩංගු වන අතර, ලෝකයේ සමතුලිත බව රැකෙන්නට නම් සැලසුම ක්‍රියාත්මක විය යුතු ම යි.


අධි අස්වාභාවික ක්‍රියාවලියක් හේතුවෙන් මේ සැලසුම් කලින් හෙළිදරව් කර ගැනීමේ දුර්ලභ අවස්ථාවක් ඇතැම් මිනිසුන්ට හිමි වේ. ඔවුන් ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් තමා සහ තමා අවට සිටින පිරිස ගේ දිවි ගලවා ගන්නා බැවින්, මරණයේ සැලසුම අසාර්ථක වේ. සොබාදහමේ සමතුලිත බවත් ඉන් බිඳ වැටේ.


මේ වරද නිවැරදි කිරීම සඳහා මරණය අදාළ පුද්ගලයන් පසුපස හඹායෑමේ ප්‍රතිඵලයක් ලෙස සොබාදහම ඉතා දරුණු අන්දමින් ඒ මිනිසුන් සමඟ අන්තර්ක්‍රියා කරන්නට පටන් ගනී.


මෙය ත්‍රාසජනක චිත්‍රපටයක් වෙනුවෙන් ගෙන ආ නවමු සංකල්පයක් ලෙස හැඳින්විය හැකි යි. ඒ නිසා ම Final Destination චිත්‍රපට මාලාව අතිශයින් ජනප්‍රිය වූ අතර, චිත්‍රපට පහක් නිර්මාණය කිරීමට තරම් වාණිජ වශයෙන් සාර්ථක විය. චිත්‍රපට මාලාවේ අවසාන චිත්‍රපටය නිකුත් වුණේ 2011 වසරේ දී යි.

views

385 Views

Comments

arrow-up