මධුසමයේදී එල්ල වූ හදිසි ප්‍රහාරය

ගැමා කොස්ග්රිෆ් ඕස්ට්‍රේලියානු ජාතික තරුණියකි. 2016 මාර්තු මාසයේ දී විවාහ දිවියට ඇතුළත් වුණු ඇය මධුසමය ගත කිරීම සඳහා රුවන්ඩාව බලා ගියාය.
එම සංචාරයේ දී ඇය සිය සැමියා වුණු ඩේමියන් සමඟින් වොල්කැනෝස් ජාතික වනෝද්‍යානයේ සෆාරි චාරිකාවක නිරත විය.
ඔවුන් දෙදෙනා අවට පරිසරය නරඹමින් හොඳින් විනෝදවෙමින් සිටි අවස්ථාවක සිල්වර්බැක් වර්ගයේ ගෝරිල්ලෙක් ගැමාට ප්‍රහාරයක් එල්ල කරන ලදි.
එහි දී ගෝරිල්ලා ඇය ඔසවා බිමට දමන ආකාරය නිරීක්ෂණය විය. එවිට ගෝරිල්ලාගේ ඇස් දෙස නොබලමින් යටහත් පහත්ව කටයුතු කරන ලෙස එහි දී මාර්ගෝපදේශකයාගෙන් ඇයට උපදෙස් ලැබුණි.
එම උපදෙස්වලට අනුව ක්‍රියා කළ ගැමාට සිය ජීවිතය බේරා ගැනීමට හැකි විය.
433 Views
Comments