භූතාත්ම සමඟ කතාකරන ක්‍රීඩාව

බටහිර රටවල OUIJA බෝඩ් එක වගේම මළගිය ආත්ම වලට කතා කරන්න මතුරන මන්තරයක් තමයි "බුන්ෂින්සාබා" කියන්නේ. නමේ විදියටම මේක ආරම්භ වෙන්නේ ජපානයෙන්. ටිකෙන් ටික මේ භූත ක්‍රීඩාව කොරියාව පුරාම ප්‍රචලිත වෙන්න පටන් අරන් තියෙනවා.
මේකට අවශ්‍යය වෙන්නේ ද්‍රව්‍ය දෙකක් විතරයි. සුදු හිස් කොලයක් සහ පෑනක්. පැන්සලක් වුණත් කමක් නෑ කියලයි කියන්නේ. නමුත් බහුලව භාවිතා කරන්නේ නම් රතු පෑනක්. ඒ වගේම දෙදෙනෙක් මේ සදහා සහභාගී විය යුතුයි.
පළමුවෙන්ම කොලය තිරස් මතුපිටක තබා එහි X සහ O සටහන් කර, මිතුරන් දෙදෙනා මුහුණට මුහුණලා වාඩි වී පෑන අල්ලාගෙන "බුන්ෂින්සාබා" මතුරමින් ආත්ම කැඳවීම සිදු කරනවා.
ඉන් පසු ආත්ම වලින් ප්‍රශ්න කළ හැකියි.
උදාහරණයක් ලෙස 'ආත්මය ඔබ අප හා සිටීද? ' ඇසුවා යැයි සලකන්න. එවිට පෑන් තුඩ O දෙසට ගමන් කලේ නම් පිළිතුර වන්නේ 'ඔව්' යන්නයි.
ක්‍රීඩාව අවසන් කරන්නට නම් ඔබ ආත්මයට පිටව යා හැකි බව දන්වන්නට අවශ්‍යයි. එවිට පෑන් තුඩ O වෙත ගියේනම් ඔබට දැන් ක්‍රීඩාව ආරක්‍ෂිතව නැවත්විය හැකියි. බැරි වීමකින් හෝ ඔබ ආත්මයට පිටව යන ලෙස පවසා, ආත්මය දෙන පිළිතුර පිළිබද විමසුවේ නැත්නම් ඔබට ඒ ආත්මයෙන් අනතුරු විය හැක.
වසර කිහිපයකට පෙර මේ ක්‍රීඩාව කොරියාවේ තරුණයින් අතර ජනප්‍රිය එකක් වුණා. ඔවුන් මේ ලෙස ආත්ම කැඳවූ බව ඔවුන් තහවුරු කරගත්තා. ඒ වගේම මේ සම්බන්දයෙන් 2004 දි Horror චිත්‍රපටයක් පවා නිකුත් වුණා. එහි නමත් 'Bunshinsaba' ම විය.
500 Views
Comments