රස බලන්න මෙන්න, මුත්‍රාවලින් හදන බියර්

සිංගප්පූරුව නව බීර වර්ගයක් හඳුන්වා දී ඇති අතර මෙම බීර නිපදවන්නේ මුත්‍ර මුසු අපවහන ජලය ඉතා හොඳින් පෙරා පිරිසුදු කර ගැනීමෙන් බව පැවැසෙයි.
'නිව්බෲ' යන නමින් නම් කළ මෙම බීර වර්ගය මේ වනවිට සිංගප්පූරු වැසියන් අතරේ පමණක් නොව, විදේශිකයන් අතරේ ද ප්‍රචලිතය. මුත්‍ර මුසු වුණු අපජලය හොඳින් පෙරා පිරිසුදු කර ගන්නේ 'නිව්වෝටර්' යන නමිනි. 'නිව්බෲ' බීරවල 'නිව්වෝටර්' සියයට 95 ක් අඩංගු බව නිෂ්පාදකයෝ පවසති.
සිංගප්පූරු රජය ජලය ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවට නංවා ඇති අතර එහි එක් අදියරක් වන්නේ මෙම බීර නිෂ්පාදනයයි.
පානය කිරීමෙන් පසු මී පැණි රස මෙන් පැණි රසක් දැනෙන බව පැවැසෙන 'නිව්බෲ' නිපදවීමට ජර්මනියෙන් මිලදී ගන්නා ඉතා උසස් තත්ත්වයේ බාර්ලි මෝල්ට් ඇතුළු අමුද්‍රව්‍ය මෙන්ම නෝර්වේ රටින් ගෙන්වන ඉහළ ඉල්ලුමක් ඇති විශේෂ යීස්ට් වර්ගයක් ද භාවිතයට ගැනෙයි.
501 Views
Comments