පස් කන මිනිස්සු ගැන අසා තිබුණාද?

පර්සියානු බොක්කේ සාගරය මැද ඉරානයට ආසන්න ව පිහිටි හොර්මූස් දූපත කඳුළු බිඳුවක හැඩය ගත් කුඩා දිවයිනක්. අරුම පුදුම වර්ණ රටා සහිත මේ දූපත භූ විද්‍යාඥයන්ගේ ඩිස්නිලන්තය ලෙසත් සැලකෙනවා.
දීප්තිමත් රතු ඇතුළු වර්ණ පදාස රාශියක් පිරුණු පසින් සහ ලේ පාටැති වෙරළින්, පර්වත කූට සහ ලවණ ගුහාවලින් යුත් ඉරානයේ හෝර්මුස් දූපත, දේදුනු දූව කියලත් හඳුන්වනවා. ඒ විතරක්ද, එහි රතු පාට පස්වලින් ඉවුම් පිහුම් කිරීමත් සිදු වෙනවා.
හෝර්මුස් දූපත ඉරාන වෙරළේ සිට කිලෝ මීටර 8 ක් දුරින් පිහිටා තිබෙනවා. එහි විශාලත්වය වර්ග කිලෝ මීටර 42 ක්. අවසාදිත පාෂාණ, ගිනි කඳු පිපිරීමෙන් හටගත් පාෂාණ එහි දැකගත හැකි යි. දිවයිනේ උස ම ස්ථානය මීටර 186 ක් උස යි. දූපතේ හොර්මුස් නගරය පිහිටා ඇත්තේ ඉරාන මව්බිම දෙසට පිහිටි තුඩුවක් වැනි කොටසේයි.
ලොව ආහාරයට ගතහැකියැ යි සැලකෙන එකම කන්ද පිහිටා ඇත්තේ ද මේ දූපතේ. එම කන්දේ රතු පැහැති පස් හඳුන්වන්නේ "ගෙලැක්" නමින්. එම පස ඇතිවීමට හේතුවී තිබෙන්නේ හීමටයිට් නම් යකඩ ඔක්සයිඩයක්. මෙය දිවයිනේ ආග්නේය පාෂාණවලින් හටගත් බව විශ්වාස කෙරෙන්නේ. ගෙලැක් කර්මාන්ත කටයුතු සඳහා වටිනා ඛනිජයක් සේ ද භාවිත කරනවා.
ප්‍රදේශයේ ඉවුම්පිහුම් කටයුතුවල දී ද එම පස් කුළුබඩුවක් ලෙස භාවිත කරනවා. මෙයින් වෑංජනවලට නැවුම් රසයක් ලබා දෙන බව දූපත්වාසීන්ගේ පිළිගැනීම යි.
රතු පස සෝස් ලෙසත් පාවිච්චි කරන අතර එම සෝස් හඳුන්වන්නේ සුරඛ් යනුවෙන්. පැතලි පාන් පුච්චන විට එම සෝස් එක පාන්වල තවරනවා. ආහාර පිසීමට අමතර ව චිත්‍ර ශිල්පීන් තීන්ත වර්ගයක් ලෙස ද රතු පස යොදා ගැනීම සිදුවෙනවා. රූපලාවන්‍ය කටයුතුවලට වගේ ම සෙරමික් නිෂ්පාදන සඳහාත් රතු පස් යොදා ගන්නවා
390 Views
Comments