මළවුන් වෙනුවෙන් වෙන් වූ දිනය

ඩියා ඩි ලොස් මුවෙර්තෝස් නම් මළවුන්ගේ දිනය, මෙක්සිකානු වැසියන්ට ඉතා වැදගත් දිනයකි. එය මෙක්සිකෝවේ ස්වදේශික ජනයාගෙන් පැවත එන, පුරාණ ඇස්ටෙක් සංස්කෘතිය දක්වා වසර දහස් ගණනක් ඈතට දිවෙන මූලාරම්භයක් සහිත උත්සවයකි.
මළවුන්ගේ දිනය සමරන්නේ මරණය ජීවිතයේම කොටසක් බව සහ මළවුන් සිහිපත් කරන්නට යි. ඇස්ටෙක් සංස්කෘතියට අනුව, මරණය යනු තාවකාලික දෙයකි. ජීවත් වෙන අය දැක ගැනීම සඳහා මළවුන්ගේ ආත්මවලට නැවත පැමිණිය හැකි බව ඔවුන්ගේ මතයයි. හැම වසරකම නොවැම්බර් දෙවැනි දාට එය යෙදී තිබේ.
මෙය ප්රධාන වශයෙන්ම මෙක්සිකෝවේ සම්ප්රදායකි. එහෙත් ලෝකයේ අනෙකුත් කතෝලික රටවල ද මිය ගියවුන්ට ගරැ බුහුමන් දැක්වීම් පැවැත්වේ. නොවැම්බර් පළමු වෙනි දා සියලු ආත්මයන්ගේ දිනය/ සියලු සාන්තුවරයන්ගේ දිනය ලෙස පිළිගැනෙන අතර කතෝලික බැතිමතුන් මිය ගිය ඥාතීන් සිහිපත් කරමින් ඔවුන් උදෙසා යාඥා කරති. මල් සහ ඉටිපන්දම් රුගෙන තම මියගිය ඥාතීන්ගේ සොහොන් වෙත යති.
470 Views
Comments