පැලිමයිරා දූපතේ අභිරහස

Palmyra Atoll දූපත උතුරු පැසිපික් සාගරයේ හවායි දූපත්වලට දකුණින් පිහිටා තිබේ. මෙය වර්ග කිලෝමීටර් 12 ක පමණ විශාලත්වයෙන් යුක්තයි. සාගර ජීවීන් ගණනාවකගේ නිවහනක් බවට පත්ව ඇති දූපතේ විවිධ වර්ගවල මසුන්, පක්ෂීන්, කොරල්පර සහ සමුද්‍ර ජීවීන් ගණනාවක් ජීවත් වේ.
හුදෙකලා බිම් ප්‍රදේශයක් වන මෙම දූපත හොල්මන් දූපත ලෙස බොහෝ දෙනා හඳුන්වයි.
මෙම දූපත බර්මියුඩා ත්‍රිකෝණයට සමාන ලක්ෂණ පෙන්නුම් කරන බව පැවසේ. පැල්මයිරා දූපතේදී ගමන් කරමින් සිටි නැව් හා ගුවන් යානා කිහිපයක් අබිරහස් ලෙස අතුරුදන් වූ බව වාර්තා වී ඇත.
1855 දී තල්මසුන් දඩයම් කරන්නට පැමිණි ඇමරිකානු නෞකාවක් මේ දූපතට ගොඩ ගසා තිබිණි. මොවුන්ව ගලවා ගැනීමට ගලවාගැනීමේ කණ්ඩායමක් පැමිණි නමුත් නෞකාවක් ගොඩ බැස තිබූ බවට පවා හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි විය. 1870 දී පමණ මුහුදුබත් වූ නෞකාවක නැවියන්ගේ සිරුරු පැල්මයිරා දූපතේ තිබී හමුවිය.
ඔවුන්ව අමානුෂික පහරදීම්වලට ලක් වූ බව සලකුණු තිබුණි. නමුත් කිසිදු ජනාවාසයක් නොමැති පැල්මයිරා දූපතට පැමිණි පිරිස ඝාතනය කරන්නට ඇත්තේ කවුරුන්ද යන්න ප්‍රශ්නයකි.
351 Views
Comments