MAY
25
යුද්ධය සිත්තරෙකුගේ ඇසින්

යුද්ධය පාදක කරගනිමින් සිතුවම් කරන ලද නිර්මාණ ඇතුළත් ඒකපුද්ගල චිත්‍ර ප්‍රසංගයක් ඉතාලියේ වෙසෙන ලාංකිකයෙකු විසින් නාපෝලි නගරයේදී පවත්වනු ලබයි.
"නොමියෙන මතකයන්" ලෙස එම ප්‍රදර්ශනය නම් කර ඇත. යුද්ධයේ බිහිසුනු මෙන්ම සංවේදී අවස්ථා හා පශ්චාත් යුද අවස්ථා ඇතුළු සිතුවම් 80 ක් මෙහි ප්‍රදර්ශනයට තබා ඇත.
මාරවිල කොස්වාඩිය පදිංචිකරුවෙකු වූ සෙනෙවිරත්න දසනායක මහතාගේ කුළුදුල් නිර්මාණ එකතුව වන මෙය ඉතාලියේ සෑම නගරයකම ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා ඇත.
එමෙන්ම ජර්මනිය, ප්‍රංශය, කැනඩාව හා ශ්‍රී ලංකාව යන රටවලද ප්‍රදර්ශන පැවැත්වීමට සැලසුම් කර ඇත.
273 Views
Comments