බොලිවුඩයේ දිගම සිපගැනීම

සැබෑ ජීවිතයේ අඹු සැමි යුවළක් වූ දේවිකා රාණි සහ හිමාංෂු රායි රංගනයෙන් දායක වූ 1933 වසරේදී තිරගත වූ කර්ම නමැති චිත්‍රපටයේ සිප ගැනීම, පළමු තොල් සිප ගැනීම සිදු කළ බොලිවුඩ් සිනමා පටයයි.
එමෙන්ම එය මෙතෙක් සිදුවූ බොලිවුඩයේ දීර්ඝතම සිප ගැනීම ලෙස ද පිළිගැනේ. එම සිප ගැනීම මිනිත්තු 4 කට වඩා වැඩි කාලයක් පැවතුණි.
බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති ඒ සමයේ ඉන්දීය සිනමා පටයක සිප ගැනීම් දර්ශන තිබීම සාමාන්‍ය දෙයක් විය.
ආදර කතා කාණ්ඩයට අයත් මිනිත්තු 63 ක ධාවන කාලයක් සහිත මෙම චිත්‍රපටය බ්‍රිතාන්‍ය ජාතික ජේ.එල්. ෆ්‍රීයර් හන්ට් විසින් අධ්‍යක්ෂණය කර ඇත.
චිත්‍රපටයේ අවසාන ජවනිකාවේ නාගයෙකු දෂ්ට කිරීමෙන් සිහිසුන්ව සිටින කුමාරයාට යළි සිහිය ලබා ගැනීම සඳහා කුමාරිකාව විසින් කුමාරයා සිප ගනී.
373 Views
Comments