ලෝක ගිනි නිවීමේ දිනය ලංකාවේදී සමරයි.

ලංකාවේ ප්‍රථම වතාවට ලෝක ගිනි නිවීමේ දිනය සැමරීමට කටයුතු යොදා ඇති අතර එය මේ මස 14 වනදා පෙරවරු 09.30ට නිදහස් චතුරස්‍රයේදී උත්කර්ෂවත් අයුරින් සැමරීමට කටයුතු සංවිධානය කර ඇත.
1998 දෙසැම්බර් 02 වනදා ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ඇතිවූ ලැව් ගින්නක් මැඩ පැවැත්වීමට ගිය ගිනි නිවීමේ භටයන් 05 දෙනෙක් ගින්නට හසුවීමෙන් මිය ගොස් ඇත. ඔවුන් සිහිගැන්වීම පිණිස 1999 වර්ෂයේ මැයි 04 වන දිනය, ලෝක ගිනි නිවීමේ භට දිනය ලෙස නම් කෙරිණි.
ඉන් පසු සෑම වසරකම මැයි 04 වන දින ලෝක ගිනි භට දිනය ලෝවාසීන් සමරයි. ලෝකයේ ධනවත් රටවල් එම දිනය සමරනු ලැබුවත් අප රට වැනි කුඩා රටවල් එම දිනය සැමරුවේ නැත. එහෙත් 2023 වර්ෂයේ එය සැමරීමට කොළඹ මහ නගර සභාව කටයුතු කර ඇත.
391 Views
Comments