MAY
13
රෝහලක නටඹුන් මුහුදු පත්ලෙන් හමු වේ.

අමෙරිකාවේ Florida Keys හි Dry Tortugas ජාතික වනෝද්‍යානයට ඔබ්බෙන් වූ මුහුදු පතුලෙන් රෝහලක සහ සොහොනක නටඹුන් සොයා ගෙන තිබේ.
19 වන සියවසට මෙම නටඹුන් අයත් යැයි සැලකේ. 1890 සිට 1900 දක්වා කාලය තුළ කහ උණ වැළදුණු රෝගීන් නිරෝධායනය සඳහා මෙම රෝහල භාවිතා කරන්නට ඇති බව පුරාවිද්‍යාඥයන් උපකල්පනය කරයි.
මෙහි තිබූ සොහොන ජෝන් ග්‍රීර් නම් සිවිල් වැසියෙකුට අයත් එකක් වන අතර ඔහු වෙරළබඩ හමුදා කඳවුරක කිමිදුම්කරුවෙකු ලෙස සේවය කර 1861 නොවැම්බර් 5 වන දින මිය ගිය බවට එම ස්ථානයේ තිබී හමු වූ ගල් කුළුණේ සඳහන්ව තිබුණි.
432 Views
Comments