ටයිටැනික් මුහුදු පතුලේ තිබෙන ආකාරය
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
19

ටයිටැනික් මුහුදු පතුලේ තිබෙන ආකාරය

ටයිටැනික් මුහුදු පතුලේ තිබෙන ආකාරය

ටයිටැනික් නැව මුහුදු පතුලේ තිබෙන ආකාරය ගැන මීට කලින් තිබුනේ ඡායාරූප සහ අවම ආලෝකය තුල ලබාගත් වීඩියෝ දර්ශන පමණයි. නමුත් මේ වෙද්දි Magellan Ltd ආයතනය (මුහුදු පතුල් ත්‍රිමාණ සිතියම්කරණය සිදුකරන ආයතනයක්) විසින් මේ නැව මුහුදු පතුලේ තිබෙන ආකාරය පිළිබඳව ස්කෑන් එකක ප්‍රතිඵල ලබාදීලා තියෙනවා. මේකට ඩ්‍රෝන මඟින් ලබාගත් ඡායාරූප ලක්ෂ 7 කට ආසන්න ප්‍රමාණයක් යොදාගනිමින් තමයි ත්‍රිමාණ සිතියම ලබා දෙන්නේ. ටයිටැනික් මුහුදු පතුලේ තිබෙන ආකාරය පිළිබඳව සෑම කෝණයකින්ම ලබාගත් ඡායාරූප වගේම, හැම වර්ග අඩියක්ම ආවරණය වෙන පරිදි මේ ඡායාරූප ලබාගෙන තියෙනවා. 

 

 

මේ නැව තියෙන්නෙ මීටර් 3800 ක් පමණ ගැඹුරු මුහුදු පතුලේ. සාමාන්‍යයෙන් ශ්‍රී පාද කන්ද මුදුන සටහන් වෙන උස මීටර් 2243 ක්. නෙළුම් කුලුනේ උස මීටර් 356 ක්.  ආසන්න වශයෙන් කොපමණ ගැඹුරකද කියලා අදහසක් ගන්න පුළුවන් ඒ අනුව. 

 

 

දෙවනි ඡායාරූපයේ තිබෙන මුහුදු පතුලේ ඇති ටයිටැනික් නැවේ නැංගුරම් කොටස පලවෙනි ඡායාරූපයේ ගිලෙන්න ප්‍රථම ටයිටැනික් නැවේ ඡායාරූපය තුලත් කුඩාවට දකින්න පුළුවන්. ඒ අනුව අඩි 60 පමණ කොටසක් පතුල තුල එරී ඇති බව දකින්න පුළුවන්. 

 

 

සාමාන්‍යයෙන් මේ තියෙන ගැඹුරත් එක්ක ඇතිවන පීඩනය (සාගරයට ඉහලින් ඇති වායුගෝලිය පීඩනය නොසලකා හැර) කිලෝපැස්කල් 38144 ක්. වර්ග මීටරයකට දෙන පීඩනය කිලෝග්‍රෑම්වලට පරිවර්තනය කරොත් වර්ග මීටරයකට කිලෝග්‍රෑම් 3889605 ක්. ආසියානු අලියෙක්ගෙ බර කිලෝග්‍රෑම් 2700 ක් පමණ.  ඊට සාපේක්ෂව ටයිටැනික් තියෙන ගැඹුරෙදි සාගර පෘශ්ඨයේ ඉඳන් ඇතිකරන පීඩනය පමණක් ආසන්න වශයෙන් සමාන වෙනවා අලි 1400 කගේ බරට.

 

 

views

571 Views

Comments

arrow-up