සිතුවිලි සිරගත නොවූ අරූරන්

හිටපු ආරක්ෂක ලේකම්වරයා වූ ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට බෝම්බ ගැසුවා යැයි වසර 14 ක් බන්ධනාගාර ගතකර සිටි සිවලිංගම් අරූරන් ට නිදහස හිමිවිය.
සිවලිංගම් අරූරන්, 2006 වසරේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරක්ෂක ලේකම් ධුරය හෙබවූ සමයේ, පිත්තල හන්දියේ දී එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ සැකකරුවෙක් ලෙස බන්ධනාගාර ගතවිය.
ඒ වන විට අරූරන් 29 හැවිරිදි වියේ පසු විය. 2004 වසරේ දී මොරටුව විශ්වවිද්‍යාලයෙන් ඉංජිනේරු උපාධිය ලබාගත් අරූරන්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිය හදාරමින් සිටියේය.
වසර 14ක් රැඳවුම් නියෝග මත බන්ධනාගාර ගතව සිටි ඔහු නොබෝ දා නිදහස ලබන විට වයස අවුරුදු 43 කි.
බන්ධනාගාරගතව සිටි කාලයේ දෙමළ භාෂාවෙන් කෘති 07ක් ද, ඉංග්‍රීසි භාෂා කෘතියක් ද ඔහු රචනා කරන ලදි. 2022 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළේ හොඳම දෙමළ නවකතාව ලෙස සම්මානයට පත්වූයේ ඔහු විසින් රචිත ‘ආදුරසාලයි’ නව කථාවයි. ඊට අමතරව 2016 දී හොඳම දෙමළ නවකතාවට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමිකර ගත්තේ ද ඔහුයි.
428 Views
Comments