නොමිලේ රඟපෑ බොලිවුඩ් තරු

ඇතැම් බොලිවුඩ් නළු නිළියන් මුදල් යන සාධකය අමතක කොට තමන්ගේ දායකත්වය චිත්‍රපට වෙනුවෙන් ලබාදී තිබේ. මේ එලෙස කටයුතු කළ අග්‍රගන්‍ය නළු නිළියන් කිහිපදෙනෙකි.
1. ශාරුක් ඛාන්
2008 තිරගත වුණු “භූත්නාත් (Bhoothnath)” චිත්‍රපටයේ ශාරුක් ආරාධිත රංගනයකට දායක විය. ඒ චිත්‍රපටයේම දෙවෙනි කොටස ලෙස පැමිණි “භූත්නාත් රිටර්න්ස් (Bhoothnath Returns)” චිත්‍රපටයේ ශාරුක් සිදුකළ ආරාධිත රංගනය වෙනුවෙන් කිසිම මුදලක් අය කර නොමැත.
2. රාණි මුඛර්ජී
රාණි තමන්ගේ ලඟම හිතවතෙකු වුණු කරන් ජොහාර් නිෂ්පාදනය කරපු “කභී කුෂි කභි ගම්” චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් කිසිඳු මුදලක් අය කර නොමැත.
3. අමිතාබ් භච්චන්
අමිතාබ්ගේ වේශ නිරූපණ ශිල්පියෙක් එක්තරා චිත්‍රපට නිෂ්පාදන සමාගමක අධ්‍යක්ෂකවරයෙක් ලෙස කටයුතු කර ඇත. ඒ පුද්ගලයා අදාළ සමාගමේ චිත්‍රපට කිහිපයකට අමිතාබ්ට ආරාධනා කර ඇති අතර ඔහුට කරන කෘතගුණ සැලකීමක් ලෙස චිත්‍රපට කිහිපයක්ම අමිතාබ් කිසිඳු මුදලක් අය නොකර රඟපා තිබේ. එමෙන්ම සන්ජේ ලීලා බන්සාලිගේ Black චිත්‍රපටයේ ද ඔහු නොමිලේ රඟපා ඇත.
4. සල්මාන් ඛාන්
2012 තිරගත වුණු “සන් ඔෆ් සර්දාර් (Son of Sardar)” චිත්‍රපටයේ සල්මාන්ගේ ආරාධිත රංගනය වෙනුවෙන් ඔහු කිසිම මුදලක් අය කර නැත. එමෙන්ම 2015 වසරේ තිරගත වූ “ප්‍රේම් රතන් ධන් පායෝ (Prem Ratan Dhan Payo)” චිත්‍රපටය වෙනුවෙන් ද ඔහු මුදල් අයකර නැත.
5. ෆර්හාන් අක්තාර්
2013 තිරගත වුණු “භාග් මිල්කා භාග් (Bhaag Milkha Bhaag)” චිත්‍රපටය නිර්මාණය වුණේ ඉන්දියාවේ හිටපු මලල ක්‍රීඩකයෙකුගේ ජීවිත කතාව පාදක කරගෙනය. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ ෆර්හාන් අක්තාර්ට එම රඟපෑම වෙනුවෙන් මුදල් අය කර නොමැත.
6. දීපිකා පදුකෝන්
2007 වසරේ පැමිණි “ඕම් ශාන්ති ඕම්” චිත්‍රපටය සඳහා කිසිම මුදලක් අය නොකර දීපිකා රංගනයට දායක විය.
340 Views
Comments