බාස්කට් එකක් වගේ ගොඩනැගිල්ලක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
24

බාස්කට් එකක් වගේ ගොඩනැගිල්ලක්

බාස්කට් එකක් වගේ ගොඩනැගිල්ලක්

බාස්කට් නිෂ්පාදනය කරන ලෝන්ගාබර්ගර් නම් සමාගමේ මූලස්ථානය වන මෙම ගොඩනැඟිල්ල එක්සත් ජනපදයේ ඔහියෝ ප්‍රාන්තයේ ඩ්‍රෙස්ඩන් හි පිහිටා තිබේ. 1973 දී ආරම්භ කළ එම සමාගමේ හිමිකාරිත්වය අවස්ථා ගණනාවක දී වෙනස් විය.


හිමිකාරිත්වය වෙනස් වීම සමඟ එහි මූලස්ථානය ද තැනින් තැනට ගෙන ගිය අතර 1997 දී මෙම සුවිශේෂී හැඩයක් සහිත ගොඩනැඟිල්ල ඉදි කර තිබේ.



“Big Basket” නමින් හඳුන්වන මෙම ගොඩනැඟිල්ල මහල් 16 කින් සමන්විත වේ. නූතන ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණ මනාව පිළිබිඹු කරන ගොඩනැඟිල්ලක් ලෙස සැලකෙන මෙය ප්‍රමාණය හැරුණු කොට අනික් සෑම අතින් ම බාස්කට් එකකට සමාන ආකාරයෙන් ඉදි කර ඇත.



ලෝන්ගාබර්ගර් සමාගම නිෂ්පාදනය කරන මධ්‍යම ප්‍රමාණයේ බාස්කට් එකක් මෙන් 160 ගුණයක් ගොඩනැඟිල්ල විශාල වන අතර එහි ඉහළ කොටසේ සාමාන්‍ය බාස්කට් එකක මෙන් අඬු දෙකක් පවා දැකිය හැකි ය.

views

348 Views

Comments

arrow-up