මළවුන් නැවතත් නැගිටවීම
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
24

මළවුන් නැවතත් නැගිටවීම

මළවුන් නැවතත් නැගිටවීම

ඉන්දුනීසියාවේ සුලවේසි කඳුකර ප්‍රදේශයක ජීවත්වන ගෝත්‍රික ජනවර්ගයක් වන ටොරාජන් ජනයා තම මියගිය ඥාතීන්ට ගෞරවය දැක්වීම සඳහා මුතුන්මිත්තන් මළවුන්ගෙන් නැඟිටුවීමේ මෙම අරුම පුදුම උත්සවය පවත්වයි.



ඔවුන් විශ්වාස කරන පරිදි මරණය අවසාන පියවරක් නොව, අඛණ්ඩ අධ්‍යාත්මික ජීවිතයක පළමු පියවර වේ. උපතට, විවාහයට වඩා ඉහළ වටිනාකමක් මෙම ගෝත්‍රික ජනයා මරණයට ලබා දීම සිදු කරයි.



තම පවුලේ අයකු නිවසින් බැහැර ව සිටිය දී මිය ගියහොත් ඔවුන් එම දේහය තම නිවසට කෙසේ හෝ රැගෙන ඒම සිදු කරයි. ටොරාජන් මිනිසුන් විශ්වාස කරන්නේ මිය ගිය පුද්ගලයකුගේ ආත්මය සෑම විටම ඔවුන්ගේ උපන් ගමට අයත් වන්නක් බව ය. එබැවින් ඔවුන් මිය ගිය තම ඥාතීන් සැමරීමට මෙම උත්සවය සතියක් පුරා පවත්වයි.



මෙය සෑම වසර තුනකට ම වරක් පැවැත්වෙන අතර එහි පළමු පියවර මිය ගිය තම ඥාතීන්ගේ සිරුරු තැන්පත් කර ඇති ස්ථානයෙන් පිටතට ගැනීම ය. ඉන් අනතුරු ව ඒ සිරුරු නහවා පිරිසුදු කරයි.



අනතුරුව අවසන් කටයුතු සිදු කිරීමේ දී ඇන්ද වූ, පැරණි වූ වැරහැලි වූ ඇඳුම් ඉවත් කර නව ඇඳුම් අන්දවා නිවෙස් වෙත රැගෙන යන මෙම මියගිය ඥාතීන්ට ඔවුන් ජීවත් ව සිටියදී කෑමට බීමට ආසා කළ ආහාර පාන ලබා දීම සිදු කරයි.



පසුව මනේනේ (Manene) නමින් හැඳින්වෙන උත්සවයක දී මියගිය පුද්ගලයන් සමඟ ජීවත්ව සිටින සියලු දෙනා පවුලේ ඡායාරූප සඳහා පෙනී සිටිති. මෙම උත්සවයේ අවසානයේ දී මීහරකුන් මරා ඔවුන්ගේ මස් ගම්වාසීන් අතර බෙදා හදාගෙන පිසීමෙන් හා නැවත මියගිය ඥාතීන් සොහොන් ගැබ් හී තැන්පත් කිරීමෙන් උත්සවය අවසන් කරයි.

views

283 Views

Comments

arrow-up