කාන්තාරයෙන් හමු වූ රන් සපත්තුව

1989 වසරේ ආධුනික පෞරාණික වස්තු ගවේෂකයකු රන් කුට්ටි අඩංගු බවට කටකතා පැතිර ගිය සොනෝරන් කාන්තාරය අසබඩ පිහිටි Gran Desierto de Altar නමැති උප පාරිසරික ප්‍රදේශය පරික්ෂාවට ලක් කරන ලදී. එහිදී මිලක් නියම කිරීමට අපහසු රන් කැබැල්ලක් ඔහුට හමුවිය.
කැණීම අවසානයේ සිදුකළ පරීක්ෂාවෙන් අඟල් 10¾ ක උසකුත් අඟල් 7¼ ක පළලකුත් එකී රන් කැබැල්ලට හිමි ව තිබූ බව හෙළි විය. බූට් සපත්තුවක හැඩැය ගත් එම රත්‍රන් කැබැල්ල රාත්තල් 26 කට මඳක් වැඩි බරකින් සමන්විත වූ බව එකී ආධුනික ගවේෂකයාට නිරීක්ෂණය කළේ ය.
“Boot of Cortez” යන අනුවර්ථ නාමය මෙම රන් කුට්ටියට ලබා දී තිබුණි. බටහිර අර්ධගෝලයට අයත් මෙක්සිකානු භූමිය මෙම විශාල රන් කැබැල්ලට මනාව ආරක්ෂා කරගෙන තිබුණි.
Boot of Cortez සොයාගත් ආධුනික ගවේෂකයා ඩොලර් 30,000 ක මුදලකට එය අලෙවි කළේය. 2008 වසරේ පැවති වෙන්දේසියකදී ඩොලර් මිලියන 1,553,500 ක ලංසුවකට Boot of Cortez රන් කුට්ටිය අලෙවි විය.
411 Views
Comments