රම්රී දූපතේ මිනීමරු කිඹුලන්

බුරුම වෙරළට ඔබ්බෙන් පිහිටා ඇති Ramree දූපත කිඹුලන් අධික ප්‍රදේශයකි. දෙවැනි ලෝක යුද්ධය කාලයේදී රම්රී දූපත, හමුදා සටන් ගණනාවක කේන්ද්‍රස්ථානය බවට පත් විය.
1945 ජනවාරි 26 වැනි දින බ්‍රිතාන්‍ය හමුදාව නව ගුවන් කඳවුරක් පිහිටුවීමේ අරමුණින් මේ දූපතට පැමිණියේ ය. ඔවුන්ට දූපත අත්පත් කරගෙන සිටු ජපන් හමුදාව පන්නා දමන්ට සිදු විය.
බ්‍රිතාන්‍ය සොල්දාදුවන් ජපන් සොල්දාදුවන් 1,000 කට ආසන්න ප්‍රමාණයක් කඩොලාන වගුරු බිමක් වෙත පලවාහරින ලදී. ඉන් ජීවිත බේරා ගැනීමට හැකිව ඇත්තේ සොල්දාදුවන් 20 කටය.
ඉතිරි පිරිස කරදිය කිඹුල් රංචුවකගේ ගොදුරු බවට පත් වූ බව සඳහන් වේ. මේ අත්දැකීමට මුහුණ දුන් කිහිපදෙනෙක් පැවසුවේ එය බියකරු අත්දැකීමක් බවයි.
මෙය කිඹුලන්ගේ ප්‍රහාරයෙන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වූ සිදුවීමයි.
375 Views
Comments