MAY
30
ඩෝඩෝට පණ දෙන මෙහෙයුම

මැඩගස්කරයට ආසන්න කුඩා දූපත් රාජ්‍යයක් වන මුරුසියේ ඩෝඩෝ නම් පක්ෂියෙක් වාර්තා කළේ ය. ඔවුන් සහමුලින් ම මිහිමතින් වඳ වී ගියේ ය. මිනිස් ක්‍රියාකාරකම් නිසා මිහිමතින් වඳ වූ ජීවි විශේෂ අතරින් ප්‍රසිද්ධ ම උදාහරණයක් ලෙස ඩෝඩෝ හැඳින්විය හැකි ය.
ඩෝඩෝ පක්ෂියා යළි මිහිමතට කැඳවීමේ උත්සාහයක් කෙරෙහි දැන් අවධානය යොමු වී ඇත. 17 වැනි සියවස තරම් ඈත යුගයක වඳ වී ගිය සත්ත්වයෙක් නැවත මරණයෙන් නැඟිටුවීම ජීව විද්‍යාත්මක අභියෝගයකි.
Colossal Biosciences නම් ආයතනය මේ අභියෝගය භාරගෙන ඇත. ඔවුන් ජාන විද්‍යාවේ ප්‍රගතිය සඳහා නව තාක්ෂණ ගොඩනඟන ජාන ඉංජිනේරු සමාගමකි.
350 Views
Comments