බාලවයස්කාර දරුවන් දේපළවල අයිතිය ලබන හැටි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
01

බාලවයස්කාර දරුවන් දේපළවල අයිතිය ලබන හැටි

බාලවයස්කාර දරුවන් දේපළවල අයිතිය ලබන හැටි

සිවිල් නීතියට අනු බාලවයස්කරුවකු කියන්නේ වයස අවුරුදු 18ට අඩු අයෙක්. එවැනි අයට දේපල පැවරීමේ දී හා එසේ පවරන ලද දේපල පවත්වාගෙන යාමේදී පවතින නීතිමය පසුබිම මේ හරහා සාකච්ඡා කෙරේ. බාලවයස්කරුවකු වෙනුවෙන් නිශ්චල දේපලක් තෑගි කරනු ලැබීම කලවිට එය භාරකරුවෙකු විසින් භාරගත යුතු අතර එහිදී ඔහුගේ නීත්‍යානුකූල දෙමව්පියන් ඊට සුදුසුම භාරකරුවන් වේ. යම් විශේෂ අවස්ථාවන් වලදී එම ල් බාලවයස්කාරුවාගේ භාරකරුවන් ලෙස සහෝදරයන් මස්සිනා යන අයද නීතියේ ඉදිරියේ පිළිගනියි. බාලවයස්කරුවන්ගේ දේපල ඔවුන්ගේ භාරකරුවන්ට විකිණීමට බදු දීමට හෝ පැවරීමට අයිතිය හිමිවන්නේ අධිකරණයේ අවසරයක් ලබා ගැනීමෙන් පසුවයි. බාලවයස්කාර අවධියේ අධිකරණ තීන්දුවකින් තොරව එවැනි කටයුතු සිදු කර තිබේ නම් ඒවා බල රහිත ගනුදෙනු බවට නීතිය ඉදිරියේ පිළිගැනේ. බාලවයස්කරුගේ දේපළක් ඔවුන්ගේ දෙමව්පියන්ට වුවත් දිසා අධිකරණයේ අවසරයකින් තොරව බද්දට හෝ දිය නොහැක. සාමාන්‍යයෙන් භාරකරුවන් හෝ දෙමව්පියන් විසින් බාලවයස්කරුවකුට උපරිම යහපත කිරීමේ අරමුණින් අදාළ දේපළ විකුණන බවට අධිකරණය සෑහීමට පත් කිරීමෙන් අනතුරුව පමණක් එම දේපළ විකිණීමට අවසර ලබාදෙයි. ඇතැම් අවස්ථාවල අධිකරන අවසරයක් ඇතිව භාරකරු බාලවයස්කරුවකු සතු දේපල අන්සතු කළ ද ඒවා නීතිය ඉදිරියේ බල රහිත වන අවස්ථා තිබේ.

සිහි විකල තැනැත්තන්ගේ දේපළ පරිහරණය ගැන තීන්දු බල හිමි වන්නේ ඔහු හෝ ඇය පදිංචිව සිටින හෝ දේපල පිහිටා තිබෙන ප්‍රදේශයේ දිසා අධිකරණයටයි. සිහි විකල තැනැත්තන්ගේ දේපල සම්බන්ධයෙන් අධිකරණයට ඉල්ලීමක් ඉදිරිපත් කළ හැක්කේ එම සිහි විකල යැයි කියන පුද්ගලයාගේ යම් ඥාතියෙකු විසින් හෝ පොලිස් අධිකාරිවරයා විසින් හෝ එම පුද්ගලයාට අයිති දේපල පිහිටි ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයාට පමණි. එවැනි ඉල්ලීමක් කළ විට එම අදාළ පුද්ගලයා සිහිවිකල තැනැත්තකු බවත් ඔහුට දේපල පාලන කටයුතු හරියාකාරව කරගෙන යාමට අපහසු බවත් අධිකරණය විසින් විනිශ්චය කර බූදලය කළමනාකරුවකු පත්කරගත යුතු බවත් සිවිල් නඩු විධි විධාන සංග්‍රහයේ 567 වගන්තියේ දැක්වේ. එම නඩු තීන්දු වලට අදාලව එවැනි දේපළවලට ආරක්ෂකයෙකු පමණක් නොව එම සිහි විකල පුද්ගලයාටද ආරක්ෂකයෙකු සැපයිය යුතුය. එම පුද්ගලයාගේ බූදල් ආරක්ෂා කිරීමට කිසිවෙකුත් නොමිලේ ඉදිරිපත් නොවූ විටෙක දී ඊට සුදුසු ගෙවීමක් සිහිවිකල තැනැත්තාට අයිති මුදලෙන් ගෙවන ලෙසට අධිකරණයෙන් නියම කිරීමක් කළ හැක. එහෙත් දිසා අධිකරණයේ ආඥාවකින් තොරව සිහි විකල තැනැත්තාගේ බූදලය හෝ ඉන් කොටසක් උකස් කිරීමට හෝ විකිණීමට දේපල ආරක්ෂකවරයාට කිසිදු බලයක් නොමැත. එමෙන්ම එම දේපළ හෝ ඉන් කොටසක් වසර 5කට වඩා බදු දීමට ඔහුට කිසිදු බලයක් නොමැත.

මෙවැනි එදිනෙදා ජීවිතයට වැදගත් කරුණුවල නීතිමය පසුබිම පිලිබඳ අවබෝධයකින් සිටින්න.

views

1060 Views

Comments

arrow-up