කෙස් කලු කරන ඩයි ගැන

පංච කල්‍යාණයෙන් එක් කල්‍යාණයක් තමයි කේශ කල්‍යාණය කියන්නේ. නමුත් අද වන විට බොහෝ දෙනකුට ඇති හිසකෙස් පිළිබඳ ලොකුම ගැටලුව තමයි අකලට හිසකෙස් සුදුවීම. සුදු හිසකෙස් නිසා රුවට වන හානිය සුළුපටු නැහැ. ඒ වගේම සුදු හිස කෙස් කළු පැහැති වීමට බොහෝ දෙනා උනන්දු වෙනවා. නමුත් හිසකෙස් කලු කිරිම පිළිබඳව නිවැරදිව තොරතුරු දැනගෙන එය සිදුකිරීම ඉතාම වැදගත් වෙනවා. මේ ලිපිය හරහා හිසකෙස් ඩයි කිරීම ගැන ඔබව දැනුවත් කිරීමයි මේ සූදානම.
පුද්ගලයෙක් හිසකෙස් ඩයි කිරීම නැතිනම් වර්ණ ගැන්වීමට හේතු කිහිපයක් තියෙනවා. ඉන් පළවෙනි එක තමයි හිසකෙස් සුදු වන විට ඇතිවන පෙනුම ඉවත්කර නැවත තරුණ පෙනුමක් ලබා ගැනීම. දෙවැන්න තමයි විලාසිතාවක් ලෙස හිසකෙස් වර්ණ ගන්වන්න අද බොහෝ දෙනා පුරුදු වෙලා තියෙනවා. මෙලෙස වර්ණ ගැන්වීම කොටස් දෙකකට අපිට වෙන් කරන්න පුළුවන්. ඉන් පළමුවැන්න තමයි රසායනික ද්‍රව්‍ය යොදා වර්ණය ගැන්වීම. අනෙක් එක තමයි ස්වභාවික වර්ණ යොදා වර්ණ ගැන්වීම.
කාලෙකට කලින් වැඩිපුරම තිබුණේ රසායනික ඩයි වර්ග විතරයි. එහෙත් මේ වන විට නවීන තාක්ෂණයේ දියුණුව නිසාම 100% ස්වභාවික වර්ණ හිසකෙස් වර්ණ ගැන්වීමේදී යොදා ගන්න පුළුවන් වෙලා තියෙනවා. කලකට පෙර ස්වභාවික වර්ණකයක් ලෙස පැවතුනේ දුඹුරු පැහැය විතරයි. එය හෙනා නමින් හඳුන්වනවා.
රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් වර්ණ ගැන්වීමේදී එය ඉතාම පහසුවෙන් හා ඉක්මනින් සිදු කරගත හැකි වුවත් එයින් අතුරු ආබාධ ඇති වීමට ඉඩකඩ තිබෙනවා. නමුත් ස්වභාවික වර්ණක මගින් හිසකෙස් වර්ණ ගැන්වීම පහසු කාර්යයක් නොවුණත් එය රසායනික වර්ණ ගැන්වීම මෙන් අතුරු ආබාධ ඇති කරන්නේ නම් නැහැ. එමගින් හිසකෙස් සදහා පෝෂණයක් සපයා හිසකෙස් වර්ධනය කරනවා. හිස්සොරි අකලට හිසකෙස් පැසීම හිසකෙස් අධිකව ගැලවී යාම වැනි රෝගාබාධ දුරු කරන අතර හිසකෙස් සදහා කන්ඩිෂනර් එකක්ද ලෙස ක්‍රියාකරනවා. දුඹුරු පැහැයේ සිට කළු පැහැය දක්වා දැන් ස්වභාවික වර්ණ පවතිනවා. මෙය සත්කාරයක් ලෙස සිදුකරන අතර කාලයක් භාවිතා කිරීමේදී හිසකෙස් කළු පැහැ වෙනවා.
ස්වාභාවික වර්ණක සදහා දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. මුළු ලොවම ස්වභාවික දේ අගය කිරීමට පෙළඹී ඇති නිසා ජපානය ඇමරිකාව වැනි ලෝකයේ බොහෝ දියුණු රටවල ස්වභාවික වර්ණක සඳහා දැඩි ඉල්ලුමක් තියෙනවා. ඇතැම් අයට රසායනික ඩයි වර්ග ආසාත්මිකතා ඇති කරනවා. එහෙත් ස්වභාවික වර්ණක වලින් හිසකෙස් වර්ණ ගැන්වීමේදී එවැනි ආසාත්මිකතා ඇති නොවන තරම්. එමෙන්ම අකලට හිසකෙස් සුදු වන අයට ස්වභාවික වර්ණක භාවිතය වඩාත්ම සුදුසුයි. රසායනික වර්ණ භාවිතය නිසා කළු හිසකෙස් ඉක්මනින් සුදු වීමේ ප්‍රවණතාවක් ඇති වන අතර දීර්ඝ කාලයක් මුළුල්ලේ රසායනික වර්ණ භාවිතය සෞඛ්‍යයට එතරම් හිතකර වන්නේ නැහැ.
by Dilki Shamani
Photo source: Internet
1316 Views
Comments