ආදායම් මාර්ග අහිමි වීමට බලපාන වාස්තු දෝෂ
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
25

ආදායම් මාර්ග අහිමි වීමට බලපාන වාස්තු දෝෂ

ආදායම් මාර්ග අහිමි වීමට බලපාන වාස්තු දෝෂ

සතුටින් සැනසුමින් නිරෝගී සම්පත්තිය ඇතිව ජීවත්වීම ඕනෑම කෙනෙකුගේ අපේක්ෂාවයි. මේ අතරම ආර්ථික සමෘද්ධිමත් බව ද අපේක්ෂා කරයි. මේ වෙනුවෙන් නොකරන දෙයක් නැත. එක රැකියාවකින් සෑහීමකට පත්නොවී අතුරු රැකියා කරන බොහෝ දෙනකු ද අප අතර සිටි. නමුත් ඇතැම් පුද්ගලයන් ආර්ථික සමෘද්ධිය උදෙසා කුමක් කළත් ඒ හැම දෙයකින්ම අසාර්ථක ප්‍රතිඵල භුක්ති විඳින බව ඔබට දක්නට ලැබේ. තවත් සමහරෙකුට ඇති ගැටළුවක් වන්නේ සැලකිය යුතු වැටුපක් ඉපයූ වත් කිසිදු ඉතිරියක් නොමැති වීමයි. ඔවුන් හැමදාමත් එකම තැනය. මෙලෙස ජීවිතයට ආර්ථික අභියෝග පැමිණෙන්නේ ඇයි? කොයිතරම් මුදල් ඉපැයූ වත් ඉතිරියක් නැත්තේ ඇයි? මෙයට හේතුව වාස්තු දෝෂයක් ද ?


වාස්තු විද්‍යානුකූලව ආදායම් මාර්ග ගැන කියන දිශාව උතුරු දිශාවයි. මේ නිසාම උතුරු දිශාව පිරිසිදුව තබා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක්.


උතුරට අන්ධ බිත්ති යෙදීම.


නිවාස ඉදිකිරීමේදී ඉඩකඩ පිළිබඳව අද විශාල ගැටලු තිබේ. මේ නිසා නිවස ඉදිකෙරෙන විට මායිමට යා වූ බිත්ති ඇති නිවෙස් ඉදිකිරීමෙන් නිවස ඇතුළත ඉඩකඩ වැඩි කරගැනීමට බොහෝදෙනා කටයුතු කරයි. මෙහිදී උතුරට අන්ධ බිත්ති තබා ගැනීම සුදුසු නැත. නිවස ඉදිකිරීමට පෙර සැලසුමේ උතුරට එම බිත්ති යෙදී තිබේ නම් ඒවා නිවැරදි කරගන්නට කටයුතු කරන්න. එවැනි බිත්ති යෙදුනහොත් රැකියාවේ දියුණුවට බලපාන අතර රැකියාවෙන් තෘප්තියක් ලැබීමට නොහැකි වේ.


උතුරු බිත්තියට පඩිපෙළ පිහිටුවීම


දෙමහල් නිවසක දෙවැනි මහලට යන පඩිපෙළ උතුරු බිත්තියට අළලා පිහිටුවා තිබීම ද සුදුසු නැත. එමගින් නිවැසියන්ගේ ආර්ථික දියුණුවට ගැටළු මතුවිය හැක.


උතුරු දිශාව අපිරිසිදු වීම


උතුරු දිශාවේ වැසිකිළි, කැසිකිළි වළවල්, ගරාජ, නාන කාමර වැනි දේ පිහිටා තිබීම සුබ නැත. එසේම සත්ව කූඩු අපිරිසිදු ජලය ගලා යන ස්ථාන පිහිටා තිබීම ද සුදුසු නැත.


උතුරු දිශාවට තබා ඇති ඉඩකඩ


නිවෙසක් සකස් කිරීමේදී නිවසට පිටත ඇති ඉඩ ප්‍රමාණය පිළිබඳව සැලකිලිමත් විය යුතුය. ආදායම් මාර්ග වල සාර්ථකත්වය ගැන සිතන ඔබ දකුණු දිශාවට වඩා උතුරු දිශාවට වැඩි ඉඩ ප්‍රමාණයක් වෙන් කළ යුතුය. මීට අමතරව නිවසේ තවත් පිහිටීම් රැසක් නිවැසියන්ගේ ආදායම් මාර්ග වලට බලපෑම් එල්ල කරයි.


• නිවෙසක මධ්‍ය ලක්ෂය අසුබ වීම.
• ප්‍රධාන දොරටුව පිහිටා ඇති දිශාව.
• ප්‍රධාන දොරටුව කෙලින් පහන් දැල්වීම.


ආදී කරුණුද නිවැසියන්ගේ ආදායම් පාර්ශවය හීන කිරීමට හේතුවේ. මෙවන් ගැටලු තිබේනම් ඒවා නිවැරැදි කර ගැනීම ඔබේ ජීවිත අරමුණු සාර්ථක කර ගැනීමට උපකාරී වේවි.

 

 

 

 

 

 

 

views

1149 Views

Comments

arrow-up