ඇස් වල වපරය පිළිබඳව ඔබ දැනුවත්ද?

මිනිසාට ඇති වටිනාම දායාදය ඔහුගේ හෝ ඇයගේ නිරෝගිමත් දෑස් යුගලයයි. ඔබගේ දෑසේ පෙනුම අවම නම් එය ඔබට මහත් කණගාටුවක් වන්නට පුළුවනි. වර්ථමානයේදී බාල මහලු බේදයකින් තොරව ඇස් වල දැකිය හැකි තත්ත්වයකි වපරය. ඇතැම් දරුවන්ට උපතින්ම මෙම වපරයක් ඇති විය හැකි වේ. සුළුවට හෝ විශාල වශයෙන් තමාගේ දෑස් වල වපරයක් දක්නට ලැබේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසුයි. එසේ නොකළහොත් අනාගතයේදී ඔබගේ දෑස් වලට කිසියම් බලපෑමක් ඇතිවීමට සම්භාවිතාවයක් පවතී. ඇතැම් විට එම තත්ත්වය අන්ධ භාවයක් දක්වාද වර්ධනය විය හැක.
සාමාන්‍ය පුද්ගලයකුගේ දෙනෙත් යුගලය එකිනෙකට වෙනස් ව පිහිටා ඇතත් ඇස් දෙකේම දෘෂ්ටි අක්ෂ එකිනෙකට සමාන්තරව පිහිටා තිබේ. එම කරුණු හේතුකොට ගෙන ඈත පිහිටි දෙයක් දෙස බැලීමේදී ඇස් දෙකේම එකවර අන්‍යෝන්‍යව එක සමානව චලනයක් සිදු කර ප්‍රතිබිම්භයක් නාභි ගත කරනු ලැබේ. නමුත් වපරයක් සහිත අවස්ථාවකදී එසේ සිදු නොවේ. වපරයක් සහිත අවස්ථාවකදී එක් ඇසක් පිටතට හෝ ඇතුළට චලනය විය හැක. එසේත් නැත්නම් ඉහලට හෝ පහළට චලනය විය හැක. බොහෝවිට දරුවෙකුගේ උපතින්ම වපරය ඇතිවීමට හේතු හඳුනා ගැනීම අපහසු වන අතර ඊට අමතරව ඇස්වල මාංශපේෂි පාලනය කරන ස්නායු පද්ධතියේ යම් ස්ථානයක හෝ කපාල ස්නායුවක යම් ආබාධයක් ඇතිවූ විට වපරයක් ඇති වනු ඇත.
ඇතැම් විට විශේෂ තත්ත්වයන් නිසාවෙන්ද වපරයක් ඇති විය හැකි අතර එනම් පිළිකා තත්ත්වයන් වැනි දේවල් වේ. ඔබ ඔබගේ දෙනෙත් යුගලයට ආදරය කරනවා නම් කළ යුත්තේ හැකි ඉක්මනින් ම වෛද්‍ය උපදෙස් සඳහා යොමු වීමයි. කිසියම් පුද්ගලයකුගේ වපරය පරීක්ශාකරන විටදී ද්විත්ව පෙනුමක් ඇති වී ඇත්නම් එය පිළිකාමය තත්ත්වයක් විය හැක. එවන් අවස්ථාවකදී වපරය සහිත ඇසේ එක් මාංශ පේශියක් කපා ඉවත්කර එම ඇසේම ප්‍රතිවිරුද්ධ මාංශපේශියක් ලිහිල් කරනු ලැබේ. එය සිදුකරනුයේ ශල්‍යකර්මයක් මගිනි. මෙමගින් ද්විත්ව පෙනුම සති කිහිපයකින් නැතිවී යයි. මොළයට ඒ සඳහා අනුවර්තනය වීමට යම් කාලයක් ගත වේ. පිනට ඇතිවූ වපරයක් යයි සිතා හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම තුලින් ඔබටත් සෞඛ්‍ය සම්පන්න නිරෝගි දෙනෙක් යුගලයක් පවත්වා ගැනීමට හැකිවනු ඇත.
ඔබගේ ඇස් වල පෙනීම තරම් වටින අන් දෙයක් නොමැති තරම්ය. නිරෝගීමත් දෑස් තිබේනම් ඔබට ලෝකයේ සුන්දර දේවල් දැක ගැනීමට හැකියාවක් ලැබෙනු ඇත. එම නිසාවෙන් ඔබගේ වටිනා දෑස් පරිස්සම් කර ගැනීම ඔබගේ යුතුකමකි. ඔබගෙන් පසු ඔබගේ නිරෝගී දෙනෙත් යුගලය තව කෙනෙක්ට ලෝකය දකින්නට දන් දීමට හැකියාවක් පවතී නම් එය ද මහඟු පින් ඇතිවන කාරණාවකි.
by Sachini Sooriyaarachchi
Photo source : Internet
1317 Views
Comments