ශක්ති ජනක පළතුරු අතර මුල් තැන ගත් ලාවළු

අපේ රටේ දේශීය ආහාර පාන රාශියක් තියෙනවා. අද වන විට ඒ පිළිබඳ බොහෝ දෙනාගේ අවධානය යොමු වී තියෙනවා. කලින් වැඩි අවධානයක් නොදක්වපු එළවළු පලතුරු වලට අද හොඳ ඉල්ලුමක් තියෙනවා. ඒ ඒවාගේ තියන සොබාවික ගුණය නිසාමයි. ඒවා අතර පළතුරු වලට මුල් තැනක් ලැබෙනවා. අපි නොදන්න එහෙත් සිරුරට ගුණ දෙන සෞඛ්‍යයට හිතකර පලතුරු වර්ග බොහොමයි. මේ කතා කරන්න සූදානම් වන්නේ අපේ රටේ පහසුවෙන් වැවෙන එහෙත් වැඩි දෙනෙක් එතරම් සැලකිල්ලක් නොදක්වන ශක්තිජනක පළතුරක් ගැන. ඒ ලාවුලු.
SAPOTACEAE කුලයට අයත් ලාවුලු අපේ රටේ පහසුවෙන් වැවෙන ශාකයක්. ලාවුලු කෑමට ඒ තරම් ප්‍රියත්වයක් බොහෝ දෙනෙක් දක්වන්නෙ නැහැ. නමුත් ලාවුලු කියන්නේ ශක්ති ජනක ආහාර අතරින් මුල් තැන ගන්නා පලතුරක්. ශක්තිය ලබාගැනීමට කෘතීම ආහාර පසුපස යන ජනතාවට ලාවුලු කියන්නේ කදිම ස්වභාවික ආහාරයක්. අපේ රටේ දකින ලැබෙන ලාවුලු ප්‍රභේද ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් තියෙනවා. ඒ කොහොල්ලෑ ලාවුලු සහ රට ලාවුලු වශයෙන්.
ලාවුලු ග්‍රෑම් 100ක අඩංගු පෝෂණය ප්‍රෝටීන් ග්‍රෑම් 0.6ක් මේදය ග්‍රෑම් 0.4ක් කැල්සියම් මිලිග්‍රෑම් 14 යකඩ හා විටමින් C විටමින් A බහුල ආහාරයක්. අද බොහෝදෙනා සුදු වෙන්න උත්සාහ කරනවා. නමුත් සැබෑවටම පැහැපත් වෙන්න උත්සාහ කරන හැමෝටම ඉතාම හොඳ ගුණදායි පලතුරක් තමයි ලාවුලු කියන්නේ. කාන්තාවන්ට වැළඳෙන ස්වේත ප්‍රදාහ නැත්නම් සුද යාම රෝගයටත් මේවා ගුණදායකයි.
ඇස් පෙනීම දියුණු කරන අතර දත් ශක්තිමත් කරනවා. කුඩා දරුවන්ට ලාවුලු කෑමට දීමෙන් පණු රෝගවලින් මිදෙන්නත් පුළුවන්. ඉහළ කෙඳි ප්‍රමාණයක් අඩංගු පලතුරක් නිසා මලබද්ධයෙන් පෙළෙන අයටත් ඉතාම ගුණදායක වෙනවා. ලාවුළු ඇට පෙති වලට කපා රාත්‍රියේ වතුරේ දමා උදයට සීනි මිශ්‍ර කර පානය කිරීමෙන් ශරීර ශක්තිය ලැබී හෘදය ශක්තිමත් කරගන්න මහඟු ඔසුවක් වෙනවා. ලාවුලු නිතර නිතර ආහාරයට ගැනීමෙන් නිරෝගී බව රැක ගන්න පුළුවන්. ලාවුළු පලතුරක් ලෙස පමණක් නොව පොල් සමඟ මිශ්‍රකර රොටි වශයෙන් සකස් කරගෙන ආහාරයට ගන්නත් පුළුවන්. ඉතා මිල අධික පලතුරු වෙනුවට පහසුවෙන් සපයා සපයාගත හැකි අපේ රටේ පහසුවෙන් වැවෙන මේ වගේ පළතුරු නිකරුණේ ගස් යට කුණු වීමට යා නොදී ආහාරයට ගන්න ඔබත් උත්සාහ කරන්න. ඉන් ඔබේ සිරුරේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කරගෙන ශරීර ශක්තිය හොඳින් ලබාගෙන නිරෝගී ජීවිතයක් ගත කරන්න අවස්ථාව ලැබේවි.
by Dilki Shmamani
Photo source: Internet
2025 Views
Comments