කාට කාටත් නැතුවම බැරි අන්තර්ජාලය

පරිගණක දෙකක් හෝ කිහිපයක් එකිනෙකට සම්බන්ධ වී සෑදුණු ජාලයක් පරිගණක ජාලයක් ලෙස සැලකිය හැකිය. එවැනි එකිනෙක සම්බන්ධ පරිගණක ජාල විශාල ප්‍රමාණයකින් සෑදුනු අතිවිශාල ජාලයක් අන්තර්ජාලය ලෙස හැඳින්වේ. මෙහි පරිගණක මිලියන ගණනක් ඇත. අන්තර්ජාලය සමඟ සම්බන්ධ වී ඕනෑම විෂය ක්ෂේත්‍රයක් පිළිබඳ තොරතුරු ,පින්තූර, වීඩියෝ පට ආදී සම්පත් මගින් දැනුම පුළුල් කර ගැනීමට වර්තමාන සමාජයේ පුද්ගලයන්ට අවස්ථාව උදාවී ඇත. අධ්‍යාපනික දැනුම ලබාදීමට අමතරව අන්තර්ජාලයෙන් ලබාගත හැකි සේවා විශාල සංඛ්‍යාවක් ඇත. ඉතා ඉක්මණින් ලෝකයේ ඕනෑම ස්ථානයක සිදුවන සිදුවීමක් පිළිබඳව තොරතුරු ලබා ගත හැකි වීම ඉන් ප්‍රධාන තැනක් ගනී. වෙබ් පිටු ගණනාවකින් වෙබ් අඩවියක් සෑදී ඇති අතර මෙවැනි වෙබ් අඩවි ගණනාවකින් ලෝක විසිරි වියමන සෑදී ඇත.
ලෝක විසිරි වියමන තුළ වෙබ් අඩවි මිලියන ගණනක් ඇත. ලෝක විසිරි වියමන WWW හෝ වෙබ් ලෙසද හඳුන්වයි. ලෝක විසිරි වියමන තුළ ඇති විශාල සම්පත් ප්‍රමාණය අතරින් එක එකක් සුවිශේෂීව හඳුනාගැනීම සඳහා යොදා ගන්නා ලිපිනය ඒකාකාර සම්පත් නිශ්චායකය (Uniform resources locator) ලෙස හැඳින්වේ. URL ලෙස කෙටියෙන් හඳුන්වන්නේ ද ඒකාකාර සම්පත් නිශ්චායකය යි. භූගෝලීය වශයෙන් දුරස්ථ ස්ථාන කිහිපයක සිටින පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් තවත් පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් සමග අන්තර්ජාලය භාවිතයෙන් වීඩියෝ තාක්ෂණය යොදාගෙන සාකච්ඡා කිරීම වීඩියෝ සම්මන්ත්‍රණ (vedio conference) ලෙස සැලකිය හැකිය. පරිගණකයක් ,වෙබ් කැමරාවක්, අන්තර්ජාල සම්බන්ධතාවයක් සහ වීඩියෝ සම්මන්ත්‍රණ පැවැත්විය හැකි මෘදුකාංගයක් ඊට අවශ්‍ය වේ. HTML යනු වෙබ් පිටු නිර්මාණය කිරීම සඳහා භාවිතා කරන භාෂාවයි. මෙම භාෂාවට ආවේණික වූ කේත තිබෙන අතර වෙබ් පිටුවක් නිර්මාණය කරනුයේ මෙම කේත යොදාගනිමිනි.
පුද්ගලයන් වශයෙන් අන්තර්ජාලය භාවිතා කරමින් එහි පවතින වාසි ලබාගැනීම මෙන්ම සුපරික්ෂාකාරීව සහ ආරක්ෂිතව අන්තර්ජාලය භාවිතා කිරීමටද වගබලා ගත යුතුයි. ඔබ විසින් අන්තර්ජාලයට ප්‍රවේශ වීමට භාවිතා කරන පරිගණකය හෝ ජංගම දුරකථනය පරිශීලක නාම හා මුර පද යොදා ආරක්ෂා කර ගැනීමද ඉතාමත් වැදගත්. අන්තර්ජාලය භාවිතා කරමින් තව කෙනකුට අපහාස වන අන්දමේ ඡායාරූප පළ කිරීම, ඒවාට අදහස් දැක්වීම, වීඩියෝ ඇතුලත් කිරීම ආදිය මගින් සිදුකරනු ලබන සයිබර් හිරිහැර කිරීම් නීතිවිරෝධී අපරාධ ගණයටද අයත් වන බව මතකයේ තබා ගැනීම කළ යුතුම වේ. එවිට ඔබට අන්තර්ජාලයේ මහඟු ඵල යහමින් නෙළාගැනීමට නිසැකවම හැකිවනු ඇත.
by Sachini Sooriyaarachchi
612 Views
Comments