මානෙල් මලේ ගුණ

අපේ රටේ ස්වභාවිකව වැවෙන බොහෝ ධාන්‍ය පලා ජලජ ශාක ශරීරයට ඉතාම හිතකර බව විවිධ පර්යේෂණ වලින් අනාවරණය වී තිබේ. මේ අතරින් අපට පුරුදු ආහාරයට ගන්නා එළවළු ධාන්‍ය හා පලා වලට වඩා නුපුරුදු ආහාර රැසක් තිබෙනවා. මානෙල් යනු අපේ රටේ ජාතික පුෂ්පය. මෙය අපේ රටේ සුලභව දක්නට ලැබෙන ජලජ ශාකයක් වන අතර විසිතුරු මලක් ලෙස වගා කරයි. මානෙල් වල අල හා ඇට ශරීරයට බෙහෙවින් හිතකර ඖෂධයක් බව බොහෝ දෙනා නොදනී. විවිධ වර්ණයන්ගෙන් යුත් මානෙල් මල් අතුරින් දම් පැහැයට හුරු මානෙල් විශේෂය අපේ රටට ආවේනිකවේ. මෙහි අල පත්‍ර දඬු මල් ඇට ආදී සියලු කොටස් වල පෝෂණ ගුණය හා ඖෂධීය ගුණය පිළිබඳව දැනුවත් කිරීම මෙම ලිපියේ අරමුණයි.
හදවත සුරකින මානෙල් ඇට
ශරීරයට අත්‍යාවශ්‍ය ඇමයිනෝ අම්ලය හා අනෙකුත් අම්ල වර්ග රැසක් මෙම මෙන්ම සිරුරට හිතකර ප්‍රෝටීන සංඝටක අඩංගු මානෙල් ඇට පෝෂණීය ආහාරයකි. මානෙල් ඇට වල අඩංගු මේද සංයුතිය අධික කොලෙස්ටරෝල් ඇති පුද්ගලයකුට පවා ඉතාම සුදුසුවේ. මානෙල් ඇට වල අසන්තෘප්ත මේද අම්ලය වැඩි ප්‍රමාණයක් අඩංගුවේ. මේ නිසා මානෙල් ඇට හදවත් රෝගීන්ට දිව ඔසුවකි. එසේම මෙම පෝෂණීය ආහාරයේ පොටෑසියම් කැල්සියම් පොස්පරස් හා මැග්නීසියම් වැනි ඛනිජ ලවණ සුලභව අන්තර්ගතය.මානෙල් ඇට වල ඇට වල අඩංගු කාබෝහයිඩ්‍රේට් ආහාර මාර්ගයේ සෙමෙන් අවශෝෂණය වීම නිසා රුධිරගත සීනි මට්ටම පාලනයවේ. එය සිරුරේ හෝමෝන ක්‍රියාකාරීත්වය වැඩි කරයි.
මානෙල් අල
මානෙල් අල ද ප්‍රෝටීන් බහුල ආහාරයකි. එහි කාබෝහයිඩ්‍රේට් වැඩි ප්‍රතිශතයක් අඩංගුවේ. නමුත් මෙහි මේද සංයුතිය ඉතාමත් අඩුය. මානෙල් අල වල Apmorhine නම් ප්‍රබල වේදනා නාශක සංයෝගයක් ඇති අතර එහි විටමින් A හා C බහුල නිසා ඉතාම ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයකි. මානෙල් අල පාචන රෝගීන්ට ඉතාම හිතකර අතර ගැස්ට්‍රයිටිස් රෝගීන්ට ඉතාම ගුණදායකවේ. මානෙල් මලේ ඇති සංයෝග අක්මාවේ සෛල විනාශ කිරීමේ වේගය අඩුකරන බව නවතම සොයාගැනීමයි. එහි මල් හා කොළවල විෂබීජ නාශක ගුණය අන්තර්ගතවී තිබේ. මානෙල් ශාකයේ සියලුම කොටස් සියලු සන්ධි රෝගවලට ඔසුවක් බව දන්නවාද? අතීතයේ සිට ම මානෙල් විවිධ රෝග සුව කිරීම සඳහා ඖෂධයක් ලෙස භාවිතා කර තිබේ. ඒ නිසා මානෙල් මල් පූජා කිරීම කිරීමට පමණක් නොව මුළු ශාකයම නිරෝගී ජීවිතයකට ආශිර්වාදය සපයන්නක් බව අමතක නොකළ යුතුය.
by Dilki Shamani
1773 Views
Comments