නව වසරට නව සිතුවිලි සමග යන්න

වසරක් ඒ කියන්නේ දවස් 365 ක් ඉවර වෙලා නව වසරක් ආරම්භ වන මොහොතක් ගෙවී ගිය වසර දිහා ආපසු හැරිලා බැලුවම මොන්වාද ඔබට සිතෙන්නේ? ඔබේ හිතේ තිබූ බලාපොරොත්තු , අරමුණු , ජයග්‍රහණ මේ වසරේදී ඉටු වන්නත් ඇති . සමහර විට ඉටු නොවෙන්නත් ඇති . නව වසර වෙනුවෙන් බලාපොරොත්තු ගොඩකුත් ඔබේ හිතේ ඇති. නව වසරට කිරිබත් උයන්න අලුත්ම මුට්ටියක් , අදින්න අලුත් ඇදුම් ඔබ අරන් ඇති. නමුත් ඔබෙ සිතුවිලි ??? බාහිරින් පමණක් අලුත් වෙලා මදි නේද? අපි අපේ අභ්‍යන්තරයෙනුත් එනම් අපේ සිතුවිලි වලිනුත් නැවුම් විය යුතුයි.
2022 කියලා කියන්නේ නව වසරක පමණක් නෙවෙයි නව දශකයකත් ආරම්භයක්. ඉතින් 2022 අවුරුද්ද ගැන වගේම ඔබේ ජීවිතේ තව අවුරුදු 10ක් වෙනුවෙනුත් හැකිනම් දළ සැලසුමක් හෝ සකසා ගන්න. ඔව් ඔබ හරි . ඔබට හිතෙන්න පුළුවන් අවුරුදු 10 ක් වෙනුවෙන් සැලසුම් කරන්නේ කොහොමද හෙට දවසේ වෙන්නේ මොනාද කියලා අපි දන්නවාද කියලා. ඒක ඇත්ත. සැලසුම් සහගතව ජීවිතය ගත කිරීම අසීරුයි තමයි. නමුත් ඔබට ඇතිවෙන ගැටලු , ඔබේ අපහසුතාවයන් අවම කර ගෙන ඔබේ ජීවිතයේ සාර්ථකත්වය කරා යෑමට නම් ඔබ ඔබේ කාලය සැලසුම් සහගතව , කළමනාකරණය කරගත යුතුයි.
මේ අවුරුද්දේ ගොඩක් දේවල් සාර්ථකත්ව කර ගැනීමට නොහැකි වුණු ඔබ මොකද කරන්න ඕනි ?
බුදුරජාණන් වහන්සේත් උන්වහන්සේගේ දේශනා වලදී දේශනා කර වදාළා හේතු ඵල සම්බන්ධතාව ය. ඒ වගේම මේ වසරේ ඔබේ අසාර්ථකත්වයට ත් යම්කිසි හේතු සාධක ඇති. මුලින්ම ඔබ ඒවා වටහා ගන්න. ඒවා අවම කරගැනීමට උපරිමෙන්ම කැප වෙන්න. ඔබේ පවුලෙන් , ඔබේ යහළුවන් ගෙන් අවශ්‍ය උපදෙස් , අවශ්‍ය උදව් ලබා ගන්න.ඒ වගේම හොද සවන්දෙන්නෙක් වන්න. ඔබට ජීවිතයට අවශ්‍ය දේවල් පමණක් තියාගෙන අනවශ්‍ය දේවල් හැකිතාක් බැහැර කරන්න.
ඔබේ පෞරුෂයේ වූ දුර්වලතා ඔබේ ආර්ථිකයේ නැඟීම හෝ බැසීම ඔබේ සෞඛ්‍ය තත්ත්වය මානුෂිය සබඳතාවලදී ඔබේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය ඔබේ පවුලට ඔබ අතින් ඉටු වූ යුතුකම් හෝ ඉටු නොවූ යුතුකම් ඔබේ ආධ්‍යාත්මික තත්ත්වය ඔබට මඟ හැරී ගිය ජීවිතයේ වටිනාකම් ආදිය ගැන සමාලෝචනයක් කරන්න. එයින් ඔබේ නව සැලසුම්වලට නව ප්‍රවේශයක් ලැබෙනු ඇත.
වඩා වැදගත් වන්නේ මිය ගිය ඊයේවත්, නූපන් හෙටවත් නොවේ. ඔබ ගෙවන අද දිනයයි. නැතහොත් මේ මොහොතයි.එබැවින් ගතවන මේ මොහොත සතුටින් ගත කරන්න. ඔබේ සෞඛ්‍ය ගැන සිතීමට කාලයක් වෙන් කරන්න. පොතක් කියවන්න කාලය වෙන් කරගන්න. දුරකථනය පසෙකින් තබා ඔබේ සමීපතමයන් සමග සිටීමට කාලය වෙන් කරගන්න. මුදල් මනා කලමනාකරණයකින් භාවිතා කරන්න. හැකි හැමවිටම යහපත් දේවල් කරන්න. එවිට ඔබට 2022.12.31 නැවතත් කොලයක් අරන් ඔබ සාර්ථක කරගත් අරමුණු ලිවීමේදි ඔබට සතුටු වීමට හැකි වේවි.
ඉතින් ඔබ සියළුම දෙනාටම අරමුණු ඉටු කරගෙන සාර්ථකත්වය කරා යහපත් මානසික මෙන්ම කායික සෞඛ්‍යය සපිරි සතුටින් සිටීමට හැකිවන නව වසරකට ආයුබෝ අපෙන් සුභ පැතුම්
1466 Views
Comments