රංගනයෙන් ආදරය දිනාගත් ආදරණීය බොනී

ආයුබෝ ආදරණීය සති අන්තයෙන් ආදරණීය තාරුණ්‍යය සොයා යන ගමනේදී අපිට හමුවුණා තවත් කුසලතා පිරිපුන් තරුණයෙක්. නමින් හර්ෂ කුමාර විජේතුංග වන ඔහුව කලා ක්ෂේත්‍රයේ කවුරුත් හඳුන්වන්නේ "බොනී" කියන සුරතල් නාමයෙන්. රංගනයට, මෙන්ම සංගීත කලාවටත් එක සේ දස්කම් දක්වන බොනී කියන්නේ පාසල් කාලයේ ඉඳන්ම රංගනයට අත්පොත් තියපු දක්ෂ තරුණයෙක්. ඉතින් අපි කතා කරමු බොනී එක්ක.
ඉතින් බොනී. කොහොමද ජීවිතේ?
- හොඳයි..
විස්තර ටිකක් කියමු නේද මුලින්ම.
- ම්ම්ම්.. මම ඉපදුනේ මාතලේ
පවුලේ මමයි , අම්මයි , අප්පච්චියි , නංගියි
පාසල් ගියේ විජයපාල මහා විද්‍යාලයට.
උපාධි ධාරියෙක් (බාහිර).
පාසල් අවදියේ මම සංගීත කණ්ඩායම්වල විදුලි ඕර්ගන් වාදන ශිල්පියෙක් ලෙස කටයුතු කළා.
රංගනයට යොමු වුණේ කොහොමද?
- රංගනයට මූලික අඩිතාලම වැටෙන්නේ අපේ පාසලේ ශිෂ්‍ය නායක භාර ගුරුතුමාවන 'සරත් රත්නවීර' මහතා පෙන්වූ මග පෙන්වීමක් යටතේ.
ශ්‍රි ලංකන් එයාර් ලයින් හරහා ජානකී හිල් මහත්මියගේ අරකාවිල නාට්‍ය හා නර්තන පදනමේ "දිරිය දරුවෝ - නායකත්ව වැඩමුළුවට" සහභාගි වුණා. එතනින් මට නාට්‍ය හා රංග කලාව ඉගෙන ගන්න හොඳ අවස්ථාවක් ලැබුණා වගේම,මාතලේ දිස්ත්‍රික් වැඩමුළුවේ හොඳම නර්තන ශිල්පියා වෙන්නත් හැකි වුණා. ජාතික තරඟයෙන් හොඳම විනෝදකාමියා වුණා. ඒ හරහා එම ආයතනයේ නාට්‍ය හා රංග කලාව හැදෑරුවා.
හරි. ඔබ සම්බන්ධ වුණ නිර්මාණ ගැනත් පොඩි විස්තරයක් කියමු.
- ටෙලිනාට්‍ය පැත්තෙන් ගත්තොත් මුතුකුඩ, Queen, සක්කාරං, මේඝ වර්ෂා, නාඩගම්කාරයෝ කියන ටෙලිනාට්‍ය වලට රංගනයෙන් දායක වුණා. ආර්යවංෂික කියලා තව ටෙලිනාට්‍යයක් තියෙනව ඉදිරියේදි එන්න.
ඒ වගේම ආවා දේවදූතයෙක් සහ නීලම් කියම මං රඟපාපු චිත්‍රපටිත් ඉදිරියේදි එන්න තියෙනව.
හරි. ටෙලිනාට්‍ය, චිත්‍රපටි වගේම තවත් දේවල් වලට ඔබ සම්බන්ධයි කියලත් ආරංචියි. ඒ දේවල් ගැනත් පොඩ්ඩක් කියමු.
- ඔවු. මං ඇත්තටම වෘත්තියෙන් ගුරුවරයෙක්. සිරස වසන්ත උදානයේ සහ, සුපර් මම් සහ හනී ෆනී කියන වැඩසටහන් වල නිවේදකයෙක් විදිහට කටයුතු කළා. සිරස ෆිල්ම් ස්ටාර් වැඩසටහනේ මම අවසන් 24 දෙනා අතරට ආවා. ඒ වගේම සොකරි ගැමි නාඩගමේ (ශාන්තිකර්මයේ ) වෙදාගේ චරිතයත් මම කරනව. දමිළ චිත්‍රපට සිංහල භාෂාවට පරිවර්තනය කිරීමේත් යෙදිල ඉන්නව.
ඔහු සැබැවින්ම අති දක්ෂ තරුණ කලාකරුවෙකි. අනාගතයක් නොපෙනෙන ශ්‍රී ලංකාවේ වර්තමාන කලා ක්ෂේත්‍රය නගා සිටුවීමට නම් මෙවැණි කුසලතා පිරිපුන් තාරුණ්‍යයට නව අවස්ථා උදා කර දීම අතිශයින් වැදගත් කරුණක් වේ. එම සිතිවිල්ල දරා ගනිමින් අපි ඔහුගෙන් අවසන් පැණය ඇසුවෙමු.
හරි. කලාව කියන දේ ඔබ මොන විදිහටද දකින්නෙ? කලාව පැත්තෙන් ඔබේ අනාගත බලාපොරොත්තු මොනවද?
- කලාව මම දකින්නේ අපේ ජීවිතයේ විනිවිද භාවය විදිහට. ඒ වගේම ඉතා සුන්දර යමක් මිනිසුන්ට ලඟා කර දීමේ ක්‍රමෝපායක් ලෙසත්, රටක වෙසෙන ප්‍රජාවගේ ප්‍රතිරූපය විදහාපාන කැඩපතක් විදිහටත් කලාව පුලුවන්.
අපේ කලාව ගත්තම ප්‍රෞඩ ඉතිහාසයක් සමග අපටම අනන්‍යතාවක් තිබෙනව. එහි රසමුසුතැන් හරි ආකාරයට නව පරපුරට ගැලපෙන ලෙස ඉදිරිපත්කිරීම තුළින් එය රැකගත හැකියි. බොහෝ තැන්වල ගතානුගතිකත්වයට මුල් තැන දීම නිසා එය ඉටු කිරීම අපහසුයි.
ඒ වගේම එම නිර්මාණ සඳහා සාධාරණ මිලක් අවශ්‍යයි. තුන්වැනි ලෝකයේ රටක් හැටියට ලොකු මුදලක් වැය කර ටිකට් පතක් ගන්නවාට වඩා බොහෝ ප්‍රේක්ෂකයෝ බඩවියත ගැන හිතනව. මේ ප්‍රශ්නයට හරි විසඳුමක් දෙන්න පුලුවන් නම් ජනතාව කලාවට තවත් සමීප වෙයි කියල හිතනව.
ඒ වගේම අපේ කලාවන්ට පිටරැටියන් බොහෝ කැමතියි. ඒවා හරි උපකාරයක් සමග ඉදිරියට යනවානම් අපේ කලාව ලෝකයේ දිවග රැඳි නාමයක් වේවි.
මම ආසයි අපේ පැරණි කලාවට. එය මුලු ලෝකයටම දෙන්න පුලුවන් නම් මහත් ආඩම්බරයක්. ඒ වගේම කලා ලොවේ කාගෙත් ආදරණීය චරිතයක් වෙන්න මම හරි කැමතියි.
වෘත්තීමය වශයෙන්ද ලොකු සේවයක් ලබා දීමත් මගේ එක බලාපොරොත්තුවක්.
හොඳයි. ආයුබෝ සමග එක්වුණාට ඔබට බොහොම ස්තූතියි බොනී. අපි ආයෙත් දවසක හමුවෙමු. ඔබට සුබ අනාගතයක්.
- ඔබටත් බොහොම ස්තුතියි මට අවස්ථාව දුන්නට.
ආයුබෝ වේවා!!!
769 Views
Comments