මවක් වෙන්න සිහින මවන ඔබ දැනගත යුතුම කරුණු කිහිපයක් - 02 කොටස
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
12

මවක් වෙන්න සිහින මවන ඔබ දැනගත යුතුම කරුණු කිහිපයක් - 02 කොටස

මවක් වෙන්න සිහින මවන ඔබ දැනගත යුතුම කරුණු කිහිපයක් - 02 කොටස

මවක් වීමට සිහින දිකින කාන්තා ඔබේ අවදානය යොමු කල යුතු කරුණුකිහිපයක් පිළිබදව අප පසුගිය සතියේ මෙම ලිපියෙන් ඔබත් සමග කතාබහ කලා.

 

 එසේනම් අද සූදානම් වන්නේ එහි ඉතිරි කරුණු ඇතුළුව තවත් විශේෂ කරුණු කාරණා කිහිපය පිළිබද ඔබේ අවධානය යොමු කිරීමටයි.

 

01. පෝෂණය

 

මව පෝෂණීය ආහාර වේලක් ගැනීමට හුරු විය යුතුයි. ඒ වගේම අප ලබාගන්න ආහාර වල අවශ්‍ය පමණට ෆෝලික් අම්ලය නැති නිසා ෆෝලික් අම්ලය පෙති ලෙස ලබාගත යුතු වේ.

 

ඒ මගින් දරුවාගේ මොලය හා සුෂුම්නාව ආශ්‍රිතව ලෙඩ රෝග වලින් සිගිත්තා ආරක්ෂා වනු ඇත.

 

මවට ගර්භනී සමයේ හටගන්නා සමහර ලෙඩරෝග වලින් දරුවාට විවිධ බලපෑම් ඇතිවෙන්න පුළුවන්.

 

ඒ නිසා රෝග වලට මවට ප්‍රතිශක්තියක් තිබීම වැදගත් වේ.

 

රුබෙල්ලා රෝගය නිසා මවගේ කුසතුල දරුවාට දරුණු සංකූලතාවයන් ඇතිවෙනවා. මෙය රුබෙල්ලා එන්නත ගැබ් ගන්නට පෙර ලබාගැනීම මගින් පාලනය කරන්න පුළුවන්. ඒ වගේම පිටගැස්ම දරුවාට උපතේදීම වැලදීමේ අවධානම අඩු කරගන්නට ගර්භනී සමයේ පිටගැස්ම එන්නත ලබාගත යුතු වේ.

 

02. සිතුවිලි

දරුවකු කුසට ආ දවසේ පටන් මවගේ සිතුවිලි සියල්ල දරුවාට දැනෙන්නට හැඟෙන්නට පටන් ගන්නවා. ඒ නිසාම බොහෝ වෛද්‍යවරු නිර්දේශ කර තිබෙනවා කුසේ සිටින දරුවාට ඇසෙන සේ කතාන්දර ඒ වගේම පිරිත් වැනි යහපත් දෑ නිරන්තර අසන්නටත් නිරන්තර කියවන්නටත් කියලා. විශේෂයෙන්ම එය කුසේ සිටින දරුවාට පමණක් නොව මවටත් මව තුළ ඇතිවන ඒ මානසික සුවයක් ලබා ගැනීමටත් ඉතාමත් ඉවහල් වනවා.

 

දරුවෙක් ඔබේ කුසේ පිළිසිඳ ගත් මුල් දවසේ ඉඳලා දරුප්‍රසූතිය වනතෙක් ඔබේ කළලය ඔබේ කුසේ ඉන්න දරුවා රැකබලා ගැනීම කොහොමද, ඔබේ කුසේ ඉන්න දරුවාට නිසි පෝෂණය ලබා දෙන්නෙ කොහොමද, සහ ඒ දරුවා අනාගත බුද්ධිමතෙක් කරන්නට දරුවා කුසේ සිටින කාලයේ ඉඳලම ඔබට කරන්න පුළුවන් දේවල් මොනවද කියන එක ගැන අපි ඉදිරි ලිපි වලින් ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා.

 

සෑම කිරි සිහින දරාගෙන සෑම ආදරණීය ආයුබෝ රසිකයෙක රසිකාවියකටම ඉල්ලා සිටිනවා ආයුබෝ ලිපි මාලාවත් සමග දිගටම රැඳී සිටින්නට කියලා. 
 

views

561 Views

Comments

arrow-up