හිස්සොරි වදයක් ද ? මෙන්න විසඳුම

සුන්දරත්වයෙන් පිරිපුන් ආකර්ෂණීය කෙස් කළඹක් හිමි කර ගන්නට කාන්තාවන් දක්වන්නේ දැඩි උනන්දුවක්. එම උනන්දුව නිසාම තම කෙස් කළඹ නිරන්තරව නිරෝගීව තබා ගැනීමට කොතරම් ප්‍රතිකාරවල යෙදුණත් විටින් විට ඇතිවන හිසකෙස් පීඩාවන් නිසා ඔබට විවිධ ගැටලු මතුවන්නට පුළුවන්. කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම ඇතිවන එවැනි පොදු ගැටළුවක් වන්නේ හිස්සොරි පීඩාවයි.
හිස්සොරි ඇතිවියහැකි ආකාර මෙසේ හඳුනා ගනිමු.
1) තෙල් ගතියෙන් යුත් හිස්කබල මත ඇතිවන හිස්සොරි
සමෙහි පිහිටා ඇති සෙබාශස් ග්‍රන්ථය මඟින් සීබම් නමැති තෙල් හා ඉටි ගතිය සම මත ඇති කරයි. සමෙහි තෙතමනය රැක ගැනීමට මෙය ඉතාමත් උපකාරී වේ.
එහෙත් හිස් කබලෙහි මෙමගින් නිපදවන අධික තෙල් ගතිය හිස් කබලෙහි මැරුණු සම සමග එක්වී හිස්සොරි වර්ධනය වැඩි කරයි.
එසේ නම් කළ යුත්තේ හිස ඉතාමත් පිරිසුදුව තබා ගැනීමයි.
2) වියළි හිස්කබල මත ඇතිවන හිස්හොරි
පරිසරයේ ඇති අධික උෂ්ණත්වය හා ආහාර මඟින් ඇතිවන උෂ්ණාධික බව හේතු කොට ගෙන ශරීරයේ ඇතිවන රත්තයා තත්ත්වය නිසා හිස් කබල වියළී පොතු ගැලවී යා හැකිය.
හිස්සොරි වර්ධනය වීමට මෙය ප්‍රධාන හේතුවකි. එවැනි ස්වභාවයක් ඇති අයකු කළ යුත්තේ ශරීරය සිසිල් කරන ආහාර වර්ග නිරතුරුවම ආහාරයට ගැනීමයි.
3) රූපලාවණ්‍ය නිෂ්පාදනය භාවිතය නිසා ඇතිවන හිස්සොරි
වර්තමානයේ බොහෝ කාන්තාවන් රූපලාවණ්‍ය ආලේප නිරතුරුවම භාවිතා කරයි . Hair Jell, Hair Cream, Spray වැනි ආලේපන වර්ග භාවිතයෙන් පසු නිසි ලෙස හිස පිරිසිදු නොකිරීම නිසා ඉස්හොරි වර්ධනය විය හැකිය.
ඒ අනුව ඉස්හොරි මර්දනය කිරීමට නම් කළ යුත්තේ හිස හොඳින් සෝදා පිරිසුදුව තබා ගැනීමයි.
4) දිලීර මගින් ඇතිවන හිස්සොරි
බොහෝ දෙනකු හිසකෙස් වැටීම වළක්වා ගැනීම සඳහා විවිධ තෙල් වර්ග හිසට ගල් වයි . එසේ ගල්වන ලද තෙල් අනවශ්‍ය ලෙස හිස් කබලේ රැඳීම හේතුවෙන් ඇතිවන දිලීර මගින් හිස්සොරි හටගන්නා බව ඔබ දන්නවා ද?
එය Mallassezia globosa නමින් හඳුන්වයි. එවැනි අවස්ථාවක දී දිනපතා හිස සේදීම ඉතා හොඳින් හිස වියලිම අත්‍යවශ්‍ය වන අතර මෙමගින් දිලීර හිස්සොරි ඉතාමත් ඉක්මනින් මර්ධනය කළ හැකිය.
5) සෙබෝහයික් ඩර්මටයිටිස් (Seborrheic Dermatitis)
සෙබෝර්හෝයික් ඩර්මැටිටිස් යනු පුද්ගලයින් 100 දෙනෙකුගෙන් 3 දෙනෙකුට පමණ බලපාන පොදු බෝ නොවන සමේ රෝගයකි. එය හිස්සොරි ඇතිවීමට ප්‍රධාන හේතුවක් වන අතර එමගින් සම සුදුමැලි බවට පත්වනු ඇත.
සෙබෝර්හෝයික් ඩර්මැටිටිස් ශරීරයේ ප්‍රදේශ ගණනාවකට බලපෑම් ඇති කරයි.
හිස්කබල
මුහුණ
කන් තුළ සහ අවට
පපුවේ ඉදිරිපස සහ උරහිස් තල අතර
6) ආතතිය නිසා ඇතිවිය හැකි හිස්සොරි
ආතතිය ඕනෑම සමේ තත්වයක් නරක අතට හැරවිය හැකි අතර ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතියද අඩපණ කරයි. සෑම කෙනෙකුගේම හිස්කබලේ ඇති ක්ෂුද්‍ර ජීවීන් දැනටමත් පැවතුනද, ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩපණ වූ විට හෝ දුර්වල වූ විට එය සම මත වර්ධනයට හේතු වේ.
මානසික ආතතිය කැසීම-සීරීම් චක්‍රයක් ඇති කළ හැකි අතර එහිදී ඔබ කැසීම වැඩි වන විට ඔබේ හිස්කබල මත තුවාල ඇතිවිය හැකිය.
එබැවින් ආතති මට්ටම අඩු කිරීම සහ හිස්කබලේ සෞඛ්‍යය වැඩි දියුණු කිරීම සඳහා ඔබේ දෛනික චර්යාවට ආතතිය ලිහිල් කිරීමේ ක්‍රම ඇතුළත් කිරීම වැදගත් වනු ඇත.
507 Views
Comments