කර්ල් කෙස් කළඹට සත්කාර

සමහරක් යුවතියන්ට උපතින්ම කර්ලි කෙස් කළඹක් හිමි වුවද තවත් සමහරක් උපතින්ම ලැබුණ කෙස් කළඹ විවිධ රසායනික ද්‍රව්‍ය යොදමින් කර්ලි කොණ්ඩයක් බවට පත් කර ගන්නවා. කෙසේ නමුත් මෙම කර්ලි කෙස් කළඹ මනාව පවත්වාගෙන යෑම එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි.
අද අප සූදානම් වන්නේ කර්ලි කෙස් කළඹ නිවැරදිව හැඩගස්වා ගැනීමට අවශ්‍ය උපදෙස් කිහිපයක් ඔබට ලබා දීමටයි.
කර්ල් හිසකෙස්
• මේවා ස්වභාවයෙන්ම වියළි හිසකෙස් වේ. එනම් සාමාන්‍ය හිසකෙස්වලට සාපේක්ෂව කර්ල් කොණ්ඩයක් යනු ඉතාමත් වියළි වූ එකකි.
• වක්‍රාකාරව කැරකී ඇති නිසාම ඉක්මනින් කැඩී යා හැකිය.
• සාමාන්‍ය හිසකෙස්වලට වඩා ඉතාමත් සියුම් ස්වභාවයක් ගනියි.
- කර්ල් කොණ්ඩයට සත්කාර කිහිපයක් -
• කර්ල් හිසකෙස් නිතර නිතර ෂැම්පු කිරීම නොකළ යුතුය. ස්වභාවයෙන්ම වියළි කර්ල් හිසකෙස් තවත් වියළි කිරීම අවශ්‍ය නොවේ.එනිසාම සාමාන්‍ය හිසකෙස්වලට මෙන් දිනපතා ෂැම්පු අවශ්‍ය නොවේ.නමුත් ඔබට කන්ඩිෂනර් භාවිතා කළ හැකිය. ෂැම්පු නොකළත් කන්ඩිෂනර් කිරීම ඔබට කළ හැකිය.
• ෂැම්පු තෝරාගැනීම ද අවධානයෙන් කළ යුතු වේ.එනම් හිසකෙස්වල ඇති තෙතමනය සහ තෙල් ඉතාමත් වැඩි වශයෙන් ඉවත්කර දමන ෂැම්පු මඟහැරිය යුතුය.ඔබ තෝරාගන්නා ෂැම්පු වර්ගය ඔබේ හිසකෙස්වල තෙතමනය සහ තෙල් සහිත බව ආරක්ෂා කරන එකක් වියයුතුය.
• කොණ්ඩය පිසදමන තුවාය ද ප්‍රවේසමෙන් තෝරාගත යුතුය.මන්ද ඉතාමත් දැඩි ලෙස හිසකෙස් කැඩී යා හැකි තුවා භාවිතා කිරීම යෝග්‍ය නොවේ.
• හිසකෙස් පීරීම ද කල්පනාකාරීව කළ යුතු දෙයකි.ඉක්මනින් කැඩීයාමට බලන ඉක්මනින් අවුල් වන කර්ල් කොණ්ඩය පීරීම ඉතාමත් ප්‍රවේසමෙන් කළ යුතුය.සාමාන්‍ය හිසකෙස් මෙන් එකදිගට පීරිය නොහැකි නිසා කොණ්ඩය කොටස් කර පීරීමට ඔබට සිදු වේ.ඒ සඳහා තෝරාගන්නා පනාවද හොඳම තත්වයෙන් තිබිය යුතුය. කන්ඩිෂනර් කිරීමෙන් පසුව දැති ලොකු පනාවකින් පීරීම සුදුසු වේ.
• නිතර කොණ්ඩය අයන් කිරීම, ඩ්‍රයර් කිරීම වැනි දෑ කර්ල් කොණ්ඩයකට හිතකර නොවේ.
එනම් උණුසුම් තාපය යෝග්‍ය නොවන නිසයි.හැකි තරම් රාත්‍රියේ නෑම අවම කරන්න.එවිට ඩ්‍රයර් කිරීමකින් තොරවම ඔබේ හිසකෙස් වියලෙයි.
• හිස්සොරි වැනි තත්වයන්ට ඔබේ කර්ල් කොණ්ඩයට පැමිණීමට ඉඩ නොදෙන්න. එමගින් වන හානිය සාමාන්‍ය හිසකෙස්වලට වඩා වැඩිය.සුවවීමට ද කාලයක් ගතවේ.
459 Views
Comments