රංගනයෙන් දුර ගමනක් යන්න හීන මවන පුංචි රුවැත්තිය

රංගනයට උපන් හපන්කම් ඇති, රංගන ශිල්පිනියක් වීමේ ආශාවෙන්ම හැදෑරීම් කර වේදිකාව, චිත්‍රපට සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ විවිධ නිර්මාණ රැසකට රංගනයෙන් දායක වූ රංගන ශිල්පිනියක් අද ආයුබෝ පිළිසඳරෙන් අප හා එක් වනවා.
ලංකාවේ පසුගිය කාලයේ විකාශය වූ ටෙලිනාට්‍ය රැසකට මෙන්ම, ජාත්‍යන්තර සම්මානයට පවා පාත්‍ර වූ කෙටි චිත්‍රපටයක ද රංගන ශිල්පිනියක ද වන ඇය නමින් ඉමේෂා එදිරිපක්ෂ.
මේ ඇය ගැන ඇය කියූ තොරතුරු යි.
ආයුබෝවන් ඉමේෂා.
- ආයුබෝවන්.
ඔබ ගැන විස්තර ටිකක් කිව්වොත් මුලින්ම.
- ම්ම්..., මගෙ නම ඉමේෂා එදිරිපක්ෂ. වයස විසි හතයි. පාසල් තුනකට ගියා මම. මුලින්ම හේනේගම මහාබෝධි විද්‍යාලයට. ඊට පස්සේ ටික කාලයක් සිරි සුමනජෝති විද්‍යාලයට. ඊට පස්සේ බෝමිරිය ජාතික පාසල ට.
රංගනයට යොමු වුණේ කොහොමද? ඇයි?
-මේ ක්ෂේත්‍රය තෝරා ගැනීමට හේතුව නම් මම පොඩිකාලේ ඉඳන් කලාවට කැමැතියි, විශේෂයෙන්ම රංගනයට ඒ නිසාම තමයි මම මේ ක්ෂේත්‍රය තෝරා ගත්තේ. රංගනයට පිවිසුණේ මුලින්ම පාසල් යන කාලයේ, එතනින් එහාට පාසල් අධ්‍යාපනය නිමවීමෙන් පස්සෙ වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙමින් වැඩ කළා. ඒ වෙද්දී රංගනය හදාරලා තිබ්බේ නෑ.ඊට පස්සේ රංගනය කියන විෂය ඉගෙන ගන්න ඕනි කියල මට හිතුනා.
හරි.., ඊටපස්සෙ?
- ඉතින් මම චන්දන හේවාපතිරණ අධ්‍යක්ෂකතුමාගේ රංගන පාඨමාලාවට ඇතුළත් වුණා. එතනින් මට රංගනය ගැන හොඳ දැනුමක්, කුසලතාවක් වගේම ගොඩක් අවස්ථාවල් පවා ලැබුණා. ඒ විදිහට ක්ෂේත්‍රයට පිවිසිලා මම දැන් හොඳ නිර්මාණයක් ලැබුනොත් සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරගෙන යමින් ඉන්නවා.
හරි, මොනවද සම්බන්ධ වුණ නිර්මාණ?
- ම්ම්ම්... මම සම්බන්ධ වුණ නිර්මාණ ගැන කියනවා නම් එන්කවුන්ටර්, සැප්තැම්බරයේ දිග දවසක්, කළු දළ රළ ඇතුළු ටෙලි නාට්‍ය කිහිපයකට රංගනයෙන් දායක වුණා.
පෙරිප්ලා කෙටි චිත්‍රපටය, 1000 රූම් කෙටි චිත්‍රපටය ඇතුළුව දැනට ප්‍රදර්ශනය නොවුනු තවත් කෙටි චිත්‍රපට කිහිපයකට රංගනයෙන් දායක වී තියෙනවා.
තවත් චිත්‍රපටයක වැඩකටයුතු ඉවර කරලා තියෙනවා. කවදා කොහොම ඒවා එළියට එයිද නම් දන්නේ නෑ.
"පෝලිමට එන්න" කියන යූටියුබ් කතාමාලාවට සම්බන්ධ වුණා. ඒකනම් මේ දවස් වල අපේ ටියුබ් නාලිකාව ඔස්සේ නරඹන්න පුළුවන්.
ඒ වගේම, මේ දවස් වල කඩුවක් සමග නඩුවක් කියන වේදිකා නාට්‍යය එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. Just listen, The windchine,The job කියන කෙටි චිත්‍රපට එළියට එන්න තියෙනවා. ඊට අමතරව වැඩ ඉවර තවත් චිත්‍රපට කීපයක්ම ඉදිරියේදී එන්න තිබෙනවා.
හරි ඉමේෂා, ඔබේ රංගන ජීවිතයේ ලැබුනු විශේෂ ඇගයීම් එහෙම තියෙනවද? මොනවද ඒවා?
- ඔවු. මුලින්ම මට ඇගයීමක් ලැබෙන්නේ මම පාසල් වේදිකාවේ රඟපාපු යකෙක් කන්න බඩගිනියි වේදිකා නාට්‍යයෙන්. ඒ වෙද්දි රංගනය කියන්නේ මොකක්ද කියලවත් දැනගෙන හිටියේ නෑ. අපේ පාසලේ රංගනය කියන විෂය තිබුණෙත් නෑ. හැබැයි අපි පාසලේ උත්සවයකට නාට්‍යයක් කළා.
හේමමාලි කියන ගුරුතුමිය මුල් වෙලා තමයි ඒ නාට්‍ය කළේ. ඒකෙදි ඒ නාට්‍යයේ හිටපු ළමයි අතරින් හොඳම නිළිය වුණා.
ඊට පස්සේ ඇගයීමක් ලැබෙන්නේ ගයාන් ෆර්නැන්ඩෝ අධ්‍යක්ෂණය කරන ලද පෙරිප්ලා කෙටි චිත්‍රපටයට. ඒ ප්‍රංශයේ ARG International Film Festival කියන චිත්‍රපට උළෙලේ දී "Best Actress" කියන ටයිටල් එක හම්බවුණා.
හරි ඉමේෂා. ඔයා ආපු මේ ගමනේදී ඔයාට උදවු උපකාර කරපු අය කවුද? විශේෂයෙන් ස්තුති කරන්න අය එහෙම ඇති..
- අනිවාර්යෙන්ම. මුලින්ම ස්තුති කරන්න තියෙන්නෙ අම්මටයි තාත්තටයි. මට රඟපාන්න ආසාව තිබ්බට කොහොමද කරන්නේ කියලා දැනගෙන හිටියේ නෑ එයාලා තමයි මාව රංගනයට සම්බන්ධ කෙරේ.
නම් වශයෙන් කියද්දි ගොඩ දෙනෙක් ඉන්නවා කියන්න එක නමක් හරි අමතක වුනොත් ඒක එයාලට කරන අසාධාරණයක්. ඒ නිසා මේ වෙද්දි මාත් එක්ක වැඩ කරපු, මට කතා කරලා උපදෙස් දීල තියන අය, ඒ හැමෝටම ගොඩක් ස්තුතියි කියනවා.
මම හැම වෙලාවෙම ඉගෙන ගන්නේ අත්දැකීම්වලින්. ඒ අත්දැකීම් ලබා දීපු හැමෝටම ස්තුති කරන්න මේක අවස්ථාවක් කරගන්නවා.
ඒ වගේම, ලැබුන ඇගයීම් වලට, ඒ නිර්මාණවලට මාව සම්බන්ධ කරගත්ත නිර්මාණකරුවන්ට ස්තුති කරන්නත් මේක අවස්ථාවක් කරගන්නවා.
විශේෂයෙන්ම, මේ කතාබහට මාව එකතු කරගත්තට ඔයාලටත් ගොඩක් ස්තුතියි කියලා කියනවා.
හරි. ඉතින් අපි මේ කතාබහ අදට නිමා කරමු. අපි එක්ක මේ කතාබහට එකතු වුණාට ඔබටත් බොහොම ස්තුතියි. අන්තිම වශයෙන් කියන්න ඉමේෂා, මොනවද ඔයාගේ අනාගත බලාපොරොත්තු?
- ම්ම්ම්, අනාගත බලාපොරොත්තු කියලා ලොකු ලොකු දේවල් නැහැ. රංගන ජීවිතයෙන් නම් දුර ගමනක් යන්න හීනයක් තියෙනවා. ඒ හැරුනාම මගේ වටේ ඉන්න ආදරණීය මිනිස්සුත් එක්ක ආදරෙන් ඉන්න ගමන්, හිත කැමති විදියේ නිර්මාණ වලට සම්බන්ධ වෙමින් මානසික නිදහසෙන් ජීවත්වීම තමයි තියන එකම බලාපොරොත්තුව.
- හොඳයි. ඔබේ ඒ හැම බලාපොරොත්තුවක්ම සාර්ථක වෙලා කලා ලෝකයේ දුර ගමනක් යන්න හැකිවේවා කියලා ආයුබෝ අපිත් ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි සමුගනිමු ඉමේෂා.
ආයුබෝ වේවා!!!
708 Views
Comments