ජීවිතය පොතක් නම් එහි කර්තෘ ද මම වෙමි

ජීවිතය පොතක් නම් එහි කර්තෘ ද මම වෙමි.
ඔයාගේ පොතේ කර්තෘ ඔයාම වෙන්න. එතකොට ඔයාට පුළුවන් ඔයාගේ පොතත් ඔයාට කැමති විදිහට ලස්සනට ලියන්න.
ජීවිතය තුළදී ඔබට යම් දෙයක් සක්ෂාත් කර ගැනීමට අවශ්‍ය නම් පළමුව ඔබ ඒ දේ ඔබටම දැන්විය යුතුයි. එසේනම්,
- ඔබ ඔබත් සමගම ඒ දේ පිළිබදව කතා කරන්න.
- ඒ දේ කරා ළඟා වීමට අවශ්‍ය පියවර තනා ගන්න.
- ඒ පියවර ඔස්සේ ඔබ ඉදිරියටම පමණක් යන්න.
- ජීවිතයේ කලින් වූ වැරදි මේ ගමනේදී පාඩමක් ලෙස ප්‍රයෝජනයට ගන්න. නමුත් නැවත එම වරද වීමට ඉඩ නොතබන්න.
- සෑම පියවරකදීම වැදගත් දේට පමණක් මුල් තැන දෙන්න .
- මේ ගමන තුළදී දහසකුත් බාධක ඔබ ඉදිරියට පැමිණේවි. නමුත් ඒ සියළු බාධක මායාවක් ලෙස සලකන්න.
- සෑම විටකම ඔබට මෙම ගමන යා හැකියි කියන විශ්වාසය ගොඩනගා ගන්න.
- ඔබ ඔබේ ඉලක්කය සාක්ෂාත් කරගෙන සිටින සිතුවමක් සිතෙහි මවා ගන්න.
ඔබබේ ගමන වේගවත් වුවත්, සෙමින් වුවත් ඔබ යා යුත්තේ ඔබ හදාගත් ඔබේම පියවර ඔස්සේ ඉදිරියටම බව නැවත නැවත මෙනෙහි කරන්න.ඒ වගේම සතුටින් සැහැල්ලුවෙන් ඒ ගමන යන්න.
- යම් අවස්ථාවක ඔබට දකින්නට ලැබේවි ඔබ ඔබේ ඉලක්කයට බොහෝ ළංව ඇති බව. නමුත්, කලබල නොවන්න. ඔබ වඩාත් සැලකිලිමත් විය යුත්තේ මේ සීමාවේදී බව සිහි තබා ගන්න.මන්ද ඔබෙන් සිදුවන සුළු වරදකින් පවා ඔබේ ඉලක්කය සුණුවිසුණු වී යා හැකි බැවිනි.
- මදක් නවතින්න.දැන් හිතන්න. ඔබ දැන් වයසින් මුහුකුරා ගොස් ඇත.එම නිසා ඔබට දැන් අත්දැකීම් බහුලව ඇත. ඒ වගේම ඔබේ ප්‍රඥාව පෙරට වඩා දියුණු වී ඇත.ඔබ දැන් නියම දර්ශනයට වැටී ඇත.
- දැන් ඔබට ඔබේ ගමනාන්තය පැහැදිලිව දකින්නට ලැබේවි.ඒ වගේම ඔබට දැනේවි ආත්ම ශක්තිය,ධෛර්යය, ප්‍රඥාව හා නියම දර්ශනය ඔබට මග කියන බව.
දැන් ඔබ ඔබේම ඉදිරි පියවර ඔස්සේ ගමන් කරන්න.සෑම පියවරකදීම සූක්ශ්මව, නිවැරදිම තිරණ ගැනීමට උත්සුක වන්න.
-ඔව්, ඔබ මැව් ඒ සිහින සැබැවක් වී ඇති බව ඔබට දැනේවි. ඔබ ඔබේ පියවර වල මුදුන් මල්කඩටම පැමිණ ඇති බව දකීවි. මතක තියා ගන්න ඔබ මේ ඉලක්කය තුළ ස්ථාවර විය යුතු බව.
දැන් ඔබට ඔබ පිළිබද තෘප්තිමත් විය හැකියි.
- නිතරම සුබවාදී හා ධනාත්මකව සිතීම මගින් අපට අපගේ ජීවිතය බොහෝ දුරට වෙනස් කර ගත හැකියි. ඒ නිසා, සෑම විටම මට එය කළ හැකියි යන හැගිම මත ජිවත් වන්න.
-යසින්තා තනුජානී ගඟබඩආරච්චි-
540 Views
Comments