වාස්තු දෝෂ වල බලබිදින ගස්වැල්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
04

වාස්තු දෝෂ වල බලබිදින ගස්වැල්

වාස්තු දෝෂ වල බලබිදින ගස්වැල්

ගහකොළ සහ මිනිසා අතර හොඳ සම්බන්ධතාවයක් තියෙනවා. නමුත් සෑම ශාක වර්ගයක්ම එක වගේ මිනිසාට හිතකර නොවන අතර ඇතැම් ශාක වර්ග මිනිසාට නොයෙක් ආකාරයෙන් අහිතකර බලපෑම් එල්ල කරනවා. එමෙන්ම ඇතැම් ශාක වාස්තු විද්‍යානුකූලව නිවස සමීපයේ සිටුවා වාසනාව ළඟා කරගත හැකි ශාක මෙන්ම යම් යම් ශාක නිසා ඇතිවන අශුභ බලපෑම්ද සඳහන් වෙනවා. මේ ඒ පිළිබඳ සටහනක්.

 

  • කොහොඹ ශාකය ධන ශක්තීන් පරිසරයට නිකුත් කරන මෙන්ම ඍණ ශක්තීන් අවශෝෂණය කරගත හැකි ශාකයක් ලෙස සැලකෙනවා. එය පළිබෝධ නාශකයක් සේම අති සාධනීය ඖෂධයන් ගෙන් සපිරිණු ශාකයක්.

 

  • කෝමාරිකා ශාකයද රූපලාවණ්‍ය ප්‍රතිකාරයන්ට මෙන්ම විවිධ රෝග නිවාරණය සඳහාද භාවිතා කළ හැකි ඖෂධයක් මෙන්ම ඖෂධීය පානය සකසා ගත හැකි ධන ශක්තීන් පරිසරයට මුදාහරින ශාකයක්.

 

  • බෝ ශාකය වේගවත් ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලියක් සිදු කරන නිසා ඔක්සිජන් විශාල වශයෙන් නිපදවන අතර ගස අවට පරිසරය අයනීකරණයට පත්වෙනවා. සෘණ අයන වැඩි පරිසරයක් තුළ වෙසෙන්නන්ගේ ප්‍රභා මණ්ඩලය බලවත් වන බැවින් ගෙවත්තේ වවා ගැනීමට අපහසු වුවත් බොන්සායි ක්‍රමයට වුවද ගෙවත්තට එකතු කරගැනීමෙන් යහපත් ආවරණයක් ලබාගැනීමට හැකියාව ලැබෙනවා.

 

  • සඳුන් ගස ඉතා වටිනා දුර්ලභ ශාකයක්. ප්‍රාණික් ශක්තිය පරාවර්තනය කරන ගුණයන්ගෙන් යුක්තයි. නිතර දර්ශනයට ලක්වීම පැහැදිලි මනසක් මෙන්න පිරිපුන් ආධ්‍යාත්මයක් සඳහාද හේතු වෙනවා.

 

  •  තුල්සි ශාකය ප්‍රබල ඍණ ශක්තීන් අවශෝෂණය සිදුකරන අතර මින් නිකුත්වන සුවඳ නිරෝගී බව ඇති කිරීමටත් තුන්දොස් සමනය කිරීමටත් ප්‍රබල දායකත්වයක් ලබා දෙනවා. පඳුරු ආකාරයට වවාගත් තුල්සි පෝච්චියක් නිවස වටා මෙන්ම මැද මිදුල් වල ද තබා ගැනීම ප්‍රතිඵලදායකයි. මෙය ලේ පවිත්‍ර කාරකයක් මෙන්ම ආඝ්‍රාණය කිරීමෙන් ශ්වසන රෝග නිවාරණය කරන ඔසුවක් වශයෙන් සැලකෙනවා.

 

  • සේපාලිකා ශාකය ආකර්ශනීය සුවඳක් සහිත මල් හටගන්නා ශාකයක් වන අතර පත්‍රයේ රළු මතුපිට හා ගැටෙන වාතය ඉන් නිකුත් වන්නේ විසබීජ නාශක ගුණයන්ගෙන් යුක්තයි.

 

  • දෙහි කටු සහිත ශාකයක් වුවත් පරිසරයට අහිතකර ශක්තීන් වලින් දුරු කරන ගුණයන්ගෙන් යුක්තයි.නමුත් මෙය උතුරු දිශාවට සුදුසු නොවන අතර දකුණු දිශාවට ඉතාම යහපත් ශාකයක් වෙනවා.

 

  • කටු පඳුරු පතොක් කුලයේ ශාක කිසිවිටෙකත් නිවස සමීපයේ වගා කිරීම සුදුසු වන්නේ නැහැ. නොයෙක් ආකාරයේ රෝස ශාකද මීට අදාළ වෙනවා. ඍණ ශක්තීන් මුදාහරින ශාක නිසා නිවෙස ඉදිරිපිට වැවීම ප්‍රබල සෞඛ්‍ය ගැටළු වලට මඟ පාදා ගැනීමක් වෙනවා. ප්‍රධාන දොරටුව එල්ල වන ලෙස ඒ ආසන්නයේ උස ශාක වර්ගයක් සිටුවීමද වෘක්ෂ දෝෂයට මඟ පාදා ගැනීමක් ලෙස සැලකෙනවා. එමනිසා නිවසට නිසි පරතරයක් තබාගෙන විශාල ගස් වර්ග සිටුවීමෙන් මුල් සහ අතු පැතිරීමෙන් මෙන්ම ගෙඩි වර්ග ආහාරයට ගැනීමට පැමිණ සතුන්ගෙන් සිදුවන හානිද වළක්වා ගත හැකි වෙනවා.


එසේම මලින් පිරී ගිය සුවඳවත් වටපිටාවක් සහ ඖෂධීය පැලෑටි වලින් පිරුණු පරිසරයක් උතුරු ඊශාන නැගෙනහිර දිශාවන්හි සකසා ගැනීම යහපත් වෙනවා.

මේ ආකාරයට ඉතා සුපරීක්ෂාකාරීව විමසා බලා සුදුසු ශාකයන් සුදුසු දිශාවන් වල උද්‍යාන අලංකරණයේ දී යොදා ගැනීම තුළින් හිතකර පරිසරයක් නිවැසියන්ට නිර්මාණය කර ගැනීමට අවස්ථාව ලැබෙනවා.

 

 

 

 

 

 

by Dilki Shamani

views

2597 Views

Comments

arrow-up