පොලිමර් ක්ලේ කලාව

විවිධ සුන්දර නිර්මාණ කිරීම සඳහා සුවිශේෂී කලාවන් රාශියක් තියෙන බව අපි දන්නවා. මේ කතාබහ කරන්න සුදානම් වෙන්නේ එවැනි විශේෂිත තවත් කලාවක් පිළිබඳවයි. පොලිමර් ක්ලේ කියන්නේ ඇත්තටම නිවසේ සිටම අත්හදා බලන්න පුලුවන් නිවසට නව නිර්මාණ එකතු කරගන්න පුළුවන් ක්‍රමයක්. කෙනෙක්ට මේක නිවසේදී හදාගන්නවා නම් උවමනා වෙන්නේ බොහොම වියදම අඩු අමුද්‍රව්‍ය කීපයක් විතරයි. තේ පානය කරන වීදුරු කෝප්පයට විවිධ විසිතුරු හැඩතල මාවා අලංකාර කරගන්න මේ අපූරු ක්‍රමය යොදා ගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ වගේ නිර්මාණ කරගත් වීදුරුවක් ඔබේ ආදරණීයයන්ට තිළිණ කරන්න වුණත් වුනත් හැකියාව තියෙනවා. වීදුරු කෝප්පයක් සැරසීම පමණක් නොවේ නිර්මාණශීලීත්වය අනුව නව නිර්මාණ කිරීමටත් ඔබට මෙය යොදා ගන්න පුළුවන්. ඒ මොනවද කියල අපි බලමු.
- තනි පැහැ වීදුරු කෝප්පයක් හෝ වීදුරු භාජනයක්
- කෝන්ෆ්ලවර්
- කෙමිෆික්ස් වැනි ගම් වර්ගයක්
- වීදුරු ඇලවිය හැකි ගම්
- වර්ණ ගැන්වීමට දියරමය වර්ණක
මේ සැරසිල්ල කරන්න අපට අවශ්‍ය ක්ලේ එක සකස් කර ගන්නේ කෝන්ෆ්ලවර් සහ කෙමිෆික්ස් ගම් එකට එක් කිරීමෙන්.මේකෙදි තමන් කරන නිර්මාණය අනුව යොදා ගන්නා ගම් සහ කෝන්ෆ්ලවර් ප්‍රමාණය පිළිබඳව ඔබටම තීරණය කරන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ බඳුනකට කෝන්ෆ්ලවර් එක් කරලා ඒකට ගම් ටිකත් එකතු කරලා අතේ නොඇලෙන පදමට හොදින් අනා ගන්න ඕන. මේක සාමාන්‍යයෙන් අතින් හැඩ මවන්න පුළුවන් මැටි පිඩක් වගේ මෘදුවට සකස් කරගන්න ඕන. ඊට පස්සේ තමන් කරන නිර්මාණය සඳහා වර්ණ කිහිපයක් අවශ්‍ය වෙනවා නම් මිශ්‍රණය කොටස් කිහිපයකට වෙන් කරලා ඒවාට වර්ණ මිශ්‍ර කරලා වර්ණ ගන්වන්න පුළුවන්. එහෙම නැත්නම් නිර්මාණය කරලා ඉවරවෙලා පින්සලක් ආධාරයෙන් වර්ණ ගන්වන්නත් පුළුවන්.
ක්ලේ එක හදාගත්තට පස්සේ සකස් කරගන්න නිර්මාණයේ හැඩය කැමති ආකාරයට අතින් හැඩතල මවමින් නිර්මාණය කරගන්න පුළුවන්. ඒකට එක එක හැඩ හදාගන්න පුංචි පුංචි ටූල්ස් තියෙනවා. විශේෂයෙන්ම අයිසින් මල් සැකසීමේදී භාවිතා කරන ටූල් වුණත් මෙහිදී භාවිතා කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් පුංචි ගෑරුප්පුවක් වගේ දෙයක් වුණත් හැඩතල නිර්මාණය සඳහා ආදේශකයක් ලෙස යොදාගැනීමේ යොදා ගැනීමේ හැකියාව තියෙනවා. අවශ්‍ය හැඩ දාලා හදාගත්තට පස්සේ වේලෙන්න පෙර වර්ණ වර්ණගන්වා ගත යුතුයි. හොඳින් වේලුනාට පස්සේ වීදුරු අලවන ගම් භාවිතා කර සකස් කරගත් සැරසිල්ල වීදුරු කෝප්පයට හෝ වෙනත් වීදුරු නිර්මාණයකට අලවා ඔබේ නිර්මාණය සම්පූර්ණ කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම නොවියලුනු ක්ලේ කොටස් වීදුරුවට අලවා එය වියළෙන්නට පෙර අවශ්‍ය නිර්මාණය කැටයම්
by Dilki Shamani
1033 Views
Comments